leader s

මාලක දේවප්‍රියගේ ''බහුචිතවාදියා'' සිනමා කෘතිය පාදක කරගනිමින් තිලක් කෝදාගොඩ විසින් රචිත ''එහි ම සුදුමැලි පිටපතක්'' සිනමා න්‍යායික කෘතිය ජනගතකිරිම සහ සංවාදය අද (ජුනි 11වන දින) සවස 04.00ට තොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.


එම අවස්ථාවේ දී: ගුණසිරි සිල්වා, බූපති නලින් වික්‍රමගේ, විදර්ශන කන්නන්ගර සහ රුවන් කුමාර යන අය අදහස් දැක්වීමට නියමිත ය.

වැඩසටහන මෙහෙය වනු ලබන්නේ වාස් ප්‍රියනාථ විසිනි.

මෙය මාලක දේවප්‍රියගේ “බහුචිතවාදියා” සිනමා කෘතිය පදනම් කර ගනිමින්: ජර්මානු විඥානවාදය, මාක්සියානු දේශපාලන ආර්ථික විද්‍යාව සහ ෆ්‍රොයිඩියානු-ලකානියානු මනෝවිශ්ලේෂණය හරහා කියවීමට ගන්නා උත්සාහයකි.

 

බහුචිතවාදියා' පදනම් කර ගනිමින්, 'එහි ම සුදුමැලි පිටපතක්' ජනගත කිරිම ජුනි  11වනදා

ඔහු අප ඉහතින් සාකච්ඡා කළ ආකාරයට ඉහත බොරෝමියානු ගැටයේ එක් ක්ෂේත්‍රයක් වන ‘මාක්ස්මය දේශපාලන ආර්ථිකය’ ගැන සහ එහි ඇති සීමා ගැන මෙන්ම මිනිස් ආශාව පදනම් කරගත් මනෝවිශ්ලේෂණයේ බලපෑම හා පවතින දේශපාලන ආර්ථික ගැටලු මගින් සංකීර්ණ කර ඇති මිනිස් ජීවිතවල ආත්මීය සාධක වන මිනිස් සම්බන්ධතා සහ ආදරය ඇතුළත් මානසික ක්ෂෙත්‍රයේ  කඩා වැටීම සිනමා කෘතියක් ආශ්‍රයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරයි.

83280021 10159468735979478 5613689433179029504 o

 

සමකාලීන  තරුණයන්ගේ ජීවිත, පවත්නා ආර්ථික ක්‍රමයේ ගාමක මගින් නන්නත්තාර කර තිබෙන ආකාරයත්, ඔවුන් ආත්මීය වශයෙන් විශාල කඩා හැලීමකට ලක්වී තිබෙන ආකාරයත් මෙම විචාරය මගින් පෙන්වා දෙයි. එහි දී මාලක, ධර්මසේන පතිරාජ යනාදි යථාර්ථවාදී සිනමාකරුවෙකුගේ මාර්ගය ඔස්සේ යමින් සමාජ ප්‍රශ්න කතා කරන අතරම ඉන් ඔබ්බට යමින් තරුණයන්ගේ ජීවිතවල ආත්මීය පාර්ශ්වය ද හෙළි දරව් කිරීමට උත්සාහයක් ගෙන තිබෙන බව මෙහි දී පෙන්වා දෙයි.

පතිරාජ, වසන්ත ඔබේසේකර, සත්‍යජිත් මායිටිපේ සහ නවක සිනමා අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ ආදීන්ගේ සමාජ ප්‍රශ්න තිරයට ගෙන එමින් ඒවා දේශපාලනික ලෙස සාකච්ඡා කිරීමට පෙළඹෙන සිනමා ප්‍රවේශයත් එයට වෙනස්ව බිහි වූ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර, සංජීව පුෂ්පකුමාර යනාදි සමාජ ප්‍රශ්න වෙනුවට ආත්මීය ප්‍රශ්න තේමා කරගත් සිනමා ප්‍රවේශයත් යන ප්‍රවේශ දෙක තුළ ම මාලකගේ සිනමාව ස්ථානගත කර ගැනීමට කෝදාගොඩ මෙහිදී උත්සාහයක් දරා ඇත.

ඔහු මතු කරන ආකාරයට න්‍යා‍ය සංවාද තලයෙන් ඉවතට ගෙන සමාජ භාවිතමය තලයකට ගෙන ඒම තමන්ගේ ආකල්පය බව පෙන්වා දෙයි. මේ ඔස්සේ යමින් මාක්ස්වාදී දේශපාලන ආර්ථික ප්‍රවර්ගයත්, ෆ්‍රොයිඩියානු ලැකානියානු මනෝ විශ්ලේෂණාත්මක ප්‍රවර්ගයත් සහ හෙගලියානු සමපේක්ෂණමය විඥානවාදී ප්‍රවර්ගයත් ආදී ප්‍රවර්ග ඔස්සේ මාලකගේ “බහුචිතවාදියා” කෘතිය වෙත ප්‍රවේශ වෙයි.



මංජුල වෙඩිවර්ධනගේ සටහනක්

'එහි ම සුදුමැලි පිටපතක්'

පොතේ නම එහෙම වුණාට ඇතුල සුදුමැලි නෑ.. බරපතළ වැඩක්...

අනික, පිටපතක් කියලා තිබ්බට ඔරිජිනල් වැඩක්.

බහුචිතවාදියා හරහා
බහුජන හිතාය
බහුජන සුඛාය
ලියවිල්ලක්
රිදී තිරය ඔබ දිහා බලන් සිටිනා හැටි දැනගන්න

අද එන්න....


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්