මෙරට සංගීත ක්ෂේත්‍රයේ 70-80 දශකයන් වර්ණවත් කල අග්‍රගණ්‍ය ගායකයෙක් සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු "ක්ලැරන්ස් - Rhythm of the Guitar" අලුත්ම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා පටන් දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ.
සාරංග දිසාසේකර - දිනක්ෂි ප්‍රියසාද් - දමිත් විජයතුංග - ධනුෂ්ක ඩයස් - ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, දනුෂ්ක ඩයස්, ඉඳුවර සූරියබණ්ඩාර වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වේ.

චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතය නිරූපණය කරන්නේ රංගන ශිලිපී දමිත් විජේතුංග යි.
"ක්ලැරන්ස්" - Rhythm of the Guitar චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබුවේ තේජා ඉද්දමල්ගොඩ යි.
මෙය KCC නිර්මාතෘ තුසිත විජයසේනගේ නිෂ්පාදනයකි.
කැමරා අධ්‍යක්ෂණය රුවන් කොස්තා විසින් වන අතර සංගීතය අධ්‍යක්ෂණය සුරේෂ් මාලියද්ද විසිනි.

සටහන | mirrorarts.lk
(ඡායාරූප - 'ක්ලැරන්ස් Rhythm of the Guitar' facebook පිටුව ඇසුරිනි)






