leader s

කෝච් සුපුන්ගේ කණ්ඩායම නියෝජනය කළ ඉමේෂ් සංදීප, The Voice Sri Lanka Season 3 කිරුළ දිනා ගත්තේ ය.

අතිඋත්කර්ෂවත් අවසන් මහා තරගය, ඊයේ (15) රාත්‍රියේ පැවැත්වුණේ, රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේදීයී.

‍සෙංකඩගල පුරවරයෙන්, The Voice Sri Lanka  තරග බිමට පිවිසි ඉමේෂ් සංදීප්, ඊයේ රාත්‍රියේ ජාත්‍යන්තර වේදිකාව ජය ගත් ලාංකේය ගායන තරුව ලෙස අභිෂේක ලැබීය.

ඒ, කෝච් සුපුන් පෙරේරා, The Voice ජාත්‍යන්තර තරගාවලි ඉතිහාසයේ දෙවරක් ජයග්‍රාහකයෙකු බිහි කළ පළමු පුහුණුකරු බවට පත් කරමිනි.

රටවල් 180 කට අධික සංඛ්‍යාවක සාර්ථකව දියත් වන, The Voice තරගාවලිය තුළදී ඉතිහාසයේ කිසිදු පුහුණුකරුවෙකු එම වාර්තාවට හිමිකම් කියා නොමැත.

The Voice Sri Lanka කිරුළ දිනූ ඉමේෂ් සංදීප් සමග අවසන් මහා තරගයට එක්ව සිටි තරගකරුවන් සංඛ්‍යාව 4 කි.

New Project 5 593435 550x300
කෝච් රයිනි චාරුකාගේ කණ්ඩායමෙන්, අයිසැක් ටිමති

කෝච් මිහිඳු ආරියරත්නගේ කණ්ඩායමෙන්, රසිදු මිහිසර

කෝච් හිරුෂි ජයසේනගේ කණ්ඩායමෙන්, ලිසාරා ප්‍රනාන්දු අවසන් තරගයට එක්වූහ.

එහිදී එකිනෙකාට දෙවැනි නොවූ ඔවුන්ගේ ගායන හැකියාව, කාගේත් අවධානයට ලක් විය.

The Voice Sri Lanka Season 3 තරගාවලිය ඊයේ රාත්‍රියේ අති සාර්ථකව නිමාවට පත්වුණේ, දිවයිනේ නන් දෙසින් පැමිණි දක්ෂයින් දහස් ගණනක් අතරින් සුදක්ෂයින් රැසක් ලාංකේය සංගීත කේෂත්‍රයට තිළිණ කරමිනි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්