leader s

ශ්‍රී ලංකාවේ රූගත කෙරෙන පේට්‍රියට් (Patriot ) සිනමා පටයේ දින කිහිපයක රූගත කිරීම් සඳහා ඉන්දීය ජනප්‍රිය සුපර් ස්ටාර්ස් සිනමා නළු මෝහන්ලාල් විශ්වනාත් (Mohanlal Viswanathan) සහ ඉන්දීය නළුවෙකු වන කුන්ඩප් බොම්බන් ( Kunchacko Baban) පෙරේදා (15 දා) මෙරටට පැමිණ ඇත.


මෙම සිනමා නිර්මාණය, ඉන්දියාවේ භාෂා 08 කින් (Pan India) තිරගත කිරීමට නියමිතය.

 

WhatsApp Image 2025 06 17 at 9.13.16 AM
මොවුන් දෙදෙනා පෙරේදා දහවල් 11.20 ඉන්දියාවේ කොචින් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 166 දරන ගුවන් යානයෙන්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

මොවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ප්‍රවර්ධන කාර්යාංශයේ සංචාරයක ප්‍රවර්ධනය සඳහා විදේශීය චිත්‍රපට අංශයේ (Film Tourism Division) නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

 

WhatsApp Image 2025 06 17 at 9.01.06 AM 1
කොළඹ වරාය, දික්ඕවිට ධිවර වරාය, කොල්ලුපිය දුම්රිය පොළ වෙරළ තීරයක ආදී ප්‍රදේශ කිහිපයක මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකෙරෙන බව වාර්තා වේ.

WhatsApp Image 2025 06 17 at 9.01.06 AM

මලයාලම් චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රධාන වශයෙන් කටයුතු කරන ඉන්දීය නළු, චිත්‍රපට නිෂ්පාදක, පසුබිම් ගායක, සහ අධ්‍යක්ෂකවරයෙකු වෙන මොහාන්ලාල් විශ්වනාදන් පේට්‍රියට් (Patriot ) සිනමා පටයේ රුගතකිරීම් සඳහා මෙවර පැමිණියේ තෙවැනි වතාවටය.

 


(සටහන | කටුනායක ටී.කේ.ජී.කපිල)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්