leader s

වසර තිස් හ⁣යක රාජ්‍ය  පරිපාලන සේවයේ අත්දැකීම් කැටිකර ගනිමින් සේවයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන රවින්ද්‍ර හේවාවිතාරණ රචනා කළ " ඇවිද මිනිසුන් අතර" ග්‍රන්ථය 25 පස්වරු 3.00 ට කොළඹ 07 පිලිප් ගුණවර්ධන මාවතේ (රීඩ් මාවත) ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී දොරට වඩී.


මහර නැළිගම සංඝමිත්තා කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද හේවා විතාරණ, කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

1987 රාජ්‍ය පරිපාලන සේවයට එක් වූ රවින්ද්‍ර හේවාවිතාරණ, 1988 සිට කොළොන්න හා 1994 සිට ඕපනායක ප්‍රාදේශීය ලේකම් ලෙස ද කටයුතු කර, පසුව සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස සහ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කර ඇත.

එසේම ඔහු  ග්‍රාම සංවර්ධන හා පර්යේෂණ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙසද ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ලෙස ද ගාල්ල මහ දිසාපති ලෙස ද කටයුතු කර ඉන්පසු රාජ්‍ය ව්‍යවසායක සංවර්ධන අමාත්‍යාංශය සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කළේය.

රාජ්‍ය පරිපාලන සේවයේ පටිසෝතගාමී සංචාරකයෙකු ලෙස හා සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය මෙරට ග්‍රාමීය ප්‍රදේශවල ජනමූල සංවර්ධන සාධකයක් ලෙස ගොඩනැගීමට ඉමහත් වෙර ගත් පුද්ගලයෙකු ලෙස බොහෝ දෙනකු අතර ඔහු ප්‍රචලිතය.

WhatsApp Image 2025 06 24 at 2.27.51 PM
මෙම ග්‍රන්ථය පිළිබඳ සංවාද කතිකාවට ප්‍රවීණ ලේඛක චුලානන්ද සමරනායක, රාජ්‍ය පරිපාලන සේවයේ ජේෂ්ඨයෙකු වන සුදත් රණුග්ගේ හා කථිකාචාර්ය ධම්ම දිසානායක එක්වෙති.

(සටහන | ජේ. මුණසිංහ)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්