leader s

36 වැනි කැලීන් - සරසවිය සිනමා සම්මාන උලෙළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (24) රාත්‍රියේ උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සම්මාන උළෙල ආරම්භ වූයේ පසුගියදා දැයෙන් සමුගත් හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකා සිහිපත් කරමිනි.

ඉන් පසුව සම්මාන උළෙල ආරම්භ වූ අතර 2024 වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වනදා දක්වා තිරගත වූ චිත්‍රපට මෙවර සම්මාන ප්‍රදානය සදහා සලකා බලනු ලැබිය.
 
එහිදී පසුගිය වසරේ හොඳම සහ විශිෂ්ටතම ලාංකීය සිනමාපටය ලෙසින් සම්මානය හිමි වූයේ' සිංහබාහු' චිත්‍රපටයටයි.
සෝමරත්න දිසානායක විසින් අධ්‍යක්ෂණය කළ මෙම සිනමාපටය රේණුකා බාලසූරිය නිෂ්පාදනයකි.


36වන කැලීන් - සරසවිය සම්මාන උළෙලේදී වසරේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ජයග්‍රහණය කළේ උදයකාන්ත වර්ණසූරියයි.
 
පසුගිය වසරේ තිරගත වුනු, ඔහුගේ 'ගිනිඅවි සහ ගිනිකෙලි 02' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් ඔහු මෙලෙස සම්මානයට පාත්‍ර විය.


ජාතික චිත්‍රපට සංස්ථාවේ දත්ත පදනම් කර ගනිමින්, මෙවර සරසවිය සිනමා උළෙලේදී 'වසරේ ජනප්‍රියම චිත්‍රපටය' ලෙසින් අබිසෙස් ලැබුනේ සෝමරත්න දිසානයක අධ්‍යක්ෂණය කළ සිංහබාහු චිත්‍රපටයයි.

වසරේ සිනමාකර්ෂණීයම චිත්‍රපටයට හිමි සරසවි සම්මානය ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මන්දාරා සිනමාපටයට හිමිවිය.



මෙවර සරසවිය සිනමා සම්මාන උළෙලේදී "වසරේ විශිෂ්ටතම කැමරා අධ්‍යක්ෂණයට" හිමි සම්මානය ලැබුනේ විශ්වා බාලසූරිය හටයි.

ඔහු කැමරා අධ්‍යක්ෂණය කළ 'සිංහබාහු' චිත්‍රපටය වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය.

vishva bala
 
මෙවර සරසවිය සිනමා උළෙලෙ හි "වසරේ හොඳම නළුවාට" හිමි සම්මානය දිනා ගත්තේ ගිනිඅවි සහ ගිනිකෙලි 02 චිත්‍රපටයේ රඟපෑ ධනුක දිල්ශාන් විසිනි.
 
දූස්රා චිත්‍රපටයේ ‘රතීගේ’ චරිතය වෙනුවෙන් ඉදිරිපත් කළ පෙරළිකාර රංගනය වෙනුවෙන්, සරසවිය සිනමා උළෙලේ "විශිෂ්ටතම රංගන ශිල්පිනිය" ලෙසින් ජය ගත්තේ තිලක්ෂිණී රත්නායක යි.
දූස්රා චන්න දේශප්‍රියගේ අධ්‍යක්ෂණයකි.
 


මෙවර මෙවර සරසවිය සිනමා සම්මාන උළෙලේදී 'වසරේ ජනප්‍රියම නළුවා' ලෙසින් සම්මානයට පාත්‍ර වන්නට, මේඝ සූරියආරච්චිට හැකියාව ලැබිණ.

එමෙන්ම හොඳම නවක නළුවාට හිමි ජූරියේ විශේෂ සම්මානයත් මේඝ සූරියආරච්චි හට හිමි විය.
 
1 2 3
 
මේඝ සූරියආරච්චි වසරේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානය කැලීන් සන්නාම කළමනාකාරිනී අනූෂි ජයසේකර අතින් ලබා ගත්තේය.
 
සරසවිය 'වසරේ ජනප්‍රියම නිළිය' සම්මානය දිනා ගත්තේ රංගන ශිල්පිනී දිනක්ෂි ප්‍රියසාද් විසිනි.
 
1 3 2
 
දිනක්ෂි ප්‍රියසාද් වසරේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය දිනමිණ ප්‍රධාන කර්තෘ ප්‍රදීප් දසනායක අතින් ලබාගත් අයුරු.
 
36වන සරසවිය සිනමා සම්මාන උළෙලේදී හොඳම සහාය නිලිය ලෙසින් ජයග්‍රහණය කළේ තිසරි වත්සලා යි.

මින්නු චිත්‍රපටයේ, පූර්ණිමා ලෙසින් ඉදිරිපත් කළ රංගනය උදෙසා ඇයට මෙම සම්මානය හිමි විය.
 
 
තරුණ පරපුරේ දක්ෂ නලුවෙකු වන සජිත අනුත්තර විසින් 36වන සරසවිය සිනමා උළෙලේ විශිෂ්ටතම සහාය නලුවාට හිමි සම්මානය දිනාගන්නට සමත් විය. ඒ ඔහු රංගනයෙන් එක් වූ ‘සිංහබාහු’ චිත්‍රපටය සඳහායි.


එමෙන්ම වසරේ හොඳම නවක නිළිය සම්මානය දිනාගනු ලැබුවේ අභිලාශි සන්තුශ්කි විසිනි.

 
හොඳම චිත්‍රපටයද ඇතුලුව මෙවර උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් හිමි කරගත් චිත්‍රපටය වන්නේ සිංහබාහු සිනමාපටයයි.
(උපුටා ගැනීම් | mirrorarts)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්