leader s

මේ සටහන මම අඳුරන මල්ලි කෙනෙක් share කළාම මට සටහනක් තියන්න හිතුණා. ස්තූති ඔයාලට තාමත් මගෙ අතීතයේ ලංකාවේ නම බබළවන්න කරපු වැඩ මතක තිබ්බට.

 

අවාසනාවට නොලැබුණු charachter


p8930567 k h8 aa

මම mediaවලට කියපු නැති ගොඩාක් projects තිබුණා. Ladys Vs Ricky Bahl film එකේ Parineeti Chopra ගේ role එකට මම audition කළා. ඒ තමයි Ranveer Singh Anushka Sharma ගේ දෙවෙනි film එක. Yash Raj label එක යටතේ සහ Parineeti field එකට එන්නේ ඒ film එකෙන්.

මට තාම මතකයි Yash Raj studio එකට white skinny එකයි blue denim එකයි ඇදගෙන මම ගියේ. අවාසනාවකට ඒ charachter මට ලැබුණෙ නැහැ. Parineeti ගේ ෆිල්ම්ස් බලපු හැමවෙලාවකම මට හිතුණේ අනේ මට අද එතන ඉන්න තිබුණ නම් කියල.

ප්‍රතික්ෂේප කළ projects

 shraddha 650 102814075302

 

ඊට පස්සෙ මාව select වෙනවා UNGLI කියලා Emraan Hashmi ප්‍රධාන චරිතය කරන film එකේ Item song එකක් කරන්න. ඒකෙ සියල්ල confirm වෙලා තියෙද්දි Shraddah Kapoor ව තෝරගන්නවා. ඒ තමයි 2010 Shraddha ගේ Bollywoodවල ආරම්භය.

මට ආරංචිය ආවම මම එදා හොඳට ම ඇඩුවා. ඉන්දියාවෙ මගේ යාළුවෝ ඒ වෙලාවෙ කිව්ව Bollywood කියන්නේ එක රෑකින් කෙනෙක්ව replace කරන industry එකක්, ඒක නිසා මේවා සාමාන්‍ය දේවල් කියලා.

ඊට අමතරව මට B grade C Grade ෆිල්ම් මට ආවත් එවා මම ප්‍රතික්ෂේප කළේ මට ඒ projects කරලා හොඳ ස්ථාවර ගමනක් යන්න බැරි නිසයි.

 E2j22 vVcAY E2B

Justin Lin සමග වැඩ කිරීමේ සිහිනයටත් තිත

 

දැන් West side එකට එමු . Justin Lin Bruce lee ගේ දුවත් එක්ක එකතුවෙලා කරපු 'Warrior' TV Series එකේ Season තුනේ ප්‍රධාන character එහෙකට මම audition කළා. Justin Lin කියන්නේ Fast & Furious 3&5, Star Trek Beyond කරපු Director. මේ Audition එක මට ආවම මට මෙහෙන් මේක professional විදිහට film කරලා යවන්න උදවු කළ මහේෂ් මුණසිංහ අපේ ආදරණීය චිත්‍රපට Director ව මම මේ වෙලාවෙ මතක් කරනවා.

එයාලා මගේ Audution එක select කරගෙන මට ආයිමත් American Accent එහෙකින් audition එක කරලා එවන්න කිව්වා. මට American Accent එකක් නැති බවත් accent training කරන්න කාලය මදි බවත් දන්න නිසා මම එයාලගේ කාලේ නාස්ති කරන්නේ නැතුව කිව්ව මට American Accent එකකින් audition එක දෙන්න අමාරු බව. එතනින් Justin Lin එක්ක වැඩ කරන්න තිබ්බ හීනෙට තිත වැටුණා.

රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දැරූ කුඩා අවස්ථා

 Yureni Noshika Feet 7468984

ඊට පස්සේ මට එනවා Bridgerton TV series එකේ Audition එකක්. මොකද එයාලා ප්‍රධාන චරිතයට South Asian girl කෙනෙක් හෙව්වා. එ Audition එක කරල යවන්න මට උදවු කළේ අපේ 360 production house එකේ මගේ ආදරණීය මිත්‍රයෙක් වුණ සමින්ද. ඒකෙන්නම් Select වුනේ නැහැ .

මේ දේවල් මෙහෙම බෙදාගන්න හිතුණේ මම මේ රටේ සිනමාව මේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනියන්න දරපු පුංචි උත්සහය ඔයාල දැනගන්නවනම් හොඳයි කියලා හිතපු නිසා. නැතුව පම්පෝරියකට නෙමෙයි. මේ දේවල් වෙලා දැන් ගොඩාක් කල්.

 

පුංචි ම පුංචි දුක...

511142704 689249640769885 6338753304713584482 n

මම දකිනවා සමහර නිළියන් ඉන්දියාවෙ ගිහින් එනවා සහ ඇවිල්ල 'මම මේ සිංදුව කළා, මේ චිත්‍රපටය කළා' කියලා කියන්වා. හැබැයි අපි ජීවිතේටවත් ආසාවකටවත් ඒ කියන වැඩක් දැකලා නැහැ. අපේ media ඉන්දියානු සිනමාවත් ඔබ ජය අරගෙන තියෙනවා කියලා උඩ දානවා. අපේ මිනිස්සුත් ඇන්දෙනවා. ඊට පස්සෙ අඩි 10 උඩින් යනවා. එවැනි නිළියන්ට කියන්න තියෙන්නේ තමන්ගේ ඇඟ නෙමෙයි රට විකුණාලා එන්න කියන එක තමයි.

පොඩි දුකකට තියෙන්නේ මේ රටේ මට අවස්ථා ලැබුණෙ නැති තරම්. මට ලැබුණු සියලු චරිතවලට මම උපරිම සාධාරණයක් කළා කියලා මම හිතනවා සහ මේ රටේ ප්‍රේක්ෂකයන් ආදරයෙන් ඒ නිර්මාණ වැලඳගත්තා . ඒ ආදරයට ස්තූතියි...! මම නිර්මාණ කළත් නැතත් මට හදවතින්ම සුභ පතන මේ රටේ සියලු ප්‍රෙක්ෂයින්ට ආදරෙයි.

(සටහන | Yureni Noshika)

උපුටා ගත්තේ Yureni Noshikaගේ facebook පිටුවෙන්

 511278370 689249690769880 632542494223103699 n

ඒ ඒක්ක ම මේ සටහනට ඌනපූරණයක් විදියට Yureni Noshika මෙබඳු සටනක් තියන්න පාදක වුණ සටහනත් ඇතුළත් කළා.

 

මීට සුළු මොහොතකට කලින් දැක්ක ඔය තුන්වෙනියට තියෙන පොටෝ එක යුරේනි ෆේස්බුක් එකට දාල තියෙනවා ඉන්දියාවේ ගියා කියලා මොකක් හරි මනාලියන් දැක්මක් සඳහා. මට හරියට එක කියවගන්න වුණේ නෑ. මට ඔය පොටෝ එක ඇහැ ගැහුණු නිසා ඒක අරන් නිකන් හිටියා. මට නිකමට මතක් වුණේ මීට අවුරුදු 13 විතර කලින් යුරේනී බොලිවුඩයේ සරාගිම නළුවෙක් ලෙස හැඳින්වු ජෝන් ඒබ්‍රහම් සහ අහිංසකම ආදරවන්තිය වූ අම්රිතා රාඕ එක්ක Philips රේසර් ඇඩ් එකක් කරනවා ඉන්දියාවේ. ඔය පළවෙනි පින්තුරේ තියෙන්නේ එකේ රූපගත කිරිම් කරනකොට ගත්ත පින්තුරයක්. කහපාට ගවුමක් ඇදගෙන ඉන්නේ අම්රිතා රාඕ; එතන ජෝනුත් ඉන්නවා.

 

yureni65767

ඔය කාලේදි යුරේනි ඉන්දියාවේ මෝස්තර නිරූපණ ශිලිපිණියක් විදියට වැඩ කරනවා මන් හරි නම්. යුරේනි එක පාරක් ඉන්ටර්ව්ව් එකක දි කියනවා මට මතකයි එයාට හොඳ ෆිල්ම් එකක් හම්බ වෙන්න තිබ්බා යම් හේතුවක් නිසා ඇයට එය අහිමි වුණා කියලා. ශාරුක් ඛාන් ගේ එකල පුද්ගලික ජායාරූප ශිල්පියෙක් වුණ Dabbo ratnani යුරේනි ගේ ලස්සන ජායාරූප ටිකක් පවා කරලා තිබ්බා. මට නිකමට හිතුණේ ජොන්ට, අම්රිතාට යුරේනිව මතක නැද්ද දන්නේ නැ දැන්. යුරේනි ඔය ඇඩ් එක ගැනවත් කවදාවත් කතා කරලා නෑ. ඇය දන්නවා ඇයට හිමි තැන ගැන. එවා දොඩවන්න අවශ්‍ය නෑ කියන එකත් ඇය දන්නවා. ජය වෙන්න ඕන ආසම කෙනෙක්.

ජොන්, යුරේනි, අම්රිතා කරපු ඇඩ් එක දැකපු නැති අයට පහත විදියෝවෙන් බලන්න පුළුවන්.බොහොම අමාරුවෙන් හොයාගත්තේ.

සටහන© Sushmi Mihara Premachandra

Yureni Noshika මෑතකදී Mirror Arts නාලිකාව සමග කළ සම්මුඛ සාකච්ජාවක් මතු පළවේ

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්