leader s

ඊයෙ රෑ ක්ලැරන්ස්- රිදම් ඔෆ් ගිටාර් බලන්න යන්න තැනක් හෙව්වා. හැමතැනම හවුස්ෆුල්. අන්තිමට සැවොයි ප්‍රිමියර් එකේ ඉඩ තිබුන. නයින් තර්ටි ෂෝ එකට ඒකට ගියා. (යන්න නං එපා, සීතල වැඩියි ඉන්න බැරි තරමට).


පුදුම ලස්සන චිත්‍රපටියක්..  වැඩිය කිසි අපභ්‍රංසයක් නැතුව හරිම සිම්පල් කතාවක් හීනයක් වගේ කියාගෙන යනවා. ඒක නොස්තැල්ජියානු අතීතයට යන්න හදපු සුන්දරම පාලමක් කියන්න පුළුවන්. මං කිසි දවසක ලංකාවෙ ඒ තරම් විඳින්න පුළුවන් මියුසිකල් එකක් බලලා නෑ.

 

515552237 23953955660957841 4236470674536583565 n

ක්ලැරන්ස්ගෙ සිංදු සුරේෂ් මාලියැද්ද රීමේක් කරලා තිබුනා උපරිමේටම දැනෙන්න.  ක්ලැරන්ස් වෙනුවට ඒ සිංදු කියන්නෙත් සුරේෂ්. ෆිල්ම් එකේ ලොකුම බර තියෙන්නෙ සංගීතය කොටසෙ. ඒක දීලා තිබුන වහරෙන් කිව්වොත්, 'දොඹෙන් යන්න'.

 

සවුන්ඩ් ඔෆ් මියුසික් වගේ හරිම 'ඉනසන්ට්' චමත්කාරයක් චිත්‍රපටිය පුරාවටම පිරිලා තිබුන. ක්ලැරන්ස්ගෙ ඇත්ත කතාවද කියල හරියටම කියන්න බැරි වුනත් රාගික ප්‍රේමය සහ දිව්‍යමය ප්‍රේමය දෙපැත්තට ගමන් කරන සංගීතකාමී තරුණයෙකුගේ දැකලා පුරුදු සරල ප්‍රේම කතාවක් ඒක.

තෝරගෙන තියෙන ලොකේෂන්, ආර්ට් ඩිරෙක්ෂන්, වර්ණ ගැන්වීම් මේ හැමදෙයක්ම අර සරල ආස්වාදයේ මීදුමක් තරම් සැහැල්ලුවෙන් පාවෙන්න උදව් කරනවා.

රංගනයෙ ගොඩක් දුර්වල තැන් තිබුන. ඒත් ඒ කිසිවකින් චිත්‍රපටියෙ රසයට බාධාවක් නෑ. වැඩියෙන්ම දුර්වල බවක් පෙන්නන්නෙ ක්ලැරන්ස්ට රඟපාන ප්‍රධානම චරිතෙ වුනත් ඒ දුර්වල බවත්, නවක බවත් ආස්වාදය තවත් වැඩි කරනවා කියන එකයි මගේ හැගීම.

 

n787

ඉන්ද්‍රානිගෙ චරිතය කරන දිනක්ෂිව මේ සියල්ල මැද මට හොඳටම වැදුන. ඒ චරිතයට දිනක්ෂිව තෝරාගැනීමමත් මරු (ත්‍රී සිස්ටර්ස්ම ඉන්නවා). එයා ඒකට එකතු කරන කලර් එකත් මරු. ඉන්ද්‍රානිගෙ ඇතුලත යමක් සන්නිවේදනය කරන ජනප්‍රිය හැඩයක් දිනක්ෂි ඒ චරිතයට අරගෙන එනවා කියල මට හිතුන. විශේෂයෙන් ඉන්ද්‍රානිව මුලින්ම මුනගැහෙන තැන ක්ලැරන්ස්ගෙ මතුවෙන අප්‍රසාදය නිසාම ඒ චරිතය වේදනාව මුසු රොමාන්තික තැනක පිහිටනවා.

505005667 122128528364803947 6872613825735956573 n

චිත්‍රපටියක් බලලා ඉවර වුනාම (මේ වගේ ෆිල්ම් එකකින්) දැනෙන්න ඕන සතුට සැහැල්ලුව ආස්වාදය මුසු හිතේ තෙත්බරිත හැගීම උපරිමයට දැනෙන නිර්මාණයක්.

‍තේජා ආරාධනා කළත් එයාගෙ කලින් චිත්‍රපට බලලා මට හොඳක් කියන්න බැරි වුනා. ක්ලැරන්ස් බලලා කියන්න හොඳ ගෝනියක් තිබුනත් ඒක කියන්න තේජා අපි අතර නෑ. ඒත් මේ චිත්‍රපටය සමග තේජාගේ නික්මයාම ස්වර්ගමය එකක් බව නම් නිශ්චිතයි.

 



ත්‍රීසම් එකක් ගැන ජිජැක් කිව්වොත් | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්