ලොව පුරා අතිශයින් ජනප්‍රිය රෙගේ සංගීතයේ සන්නාමයක් ලෙස සැලකෙන ප්‍රවීණ සංගීතඥ, ඇල්ෆා බ්ලොන්ඩි ගී ගයන ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී සංගීත ප්‍රසංගය 19 කොළඹ ගුවන් හමුදා පිටියේදී සවස 6.00 ට පැවැත්වේ.
මෙය බිග් බ්ලාස්ට් ඉවෙන්ට්ස් විසින් ඉදිරිපත් කරන අතර එය මෙරට සංගීත ලෝලීන්ට ඓතිහාසික සංගීත අත්දැකීමක් වන අතර මෙහි නිෂ්පාදනය ඉයර්ගියර් ප්‍රොඩක්ෂන්ස් විසිනි.
අයිවෝරියානු රෙගේ නිරූපකය ශ්‍රී ලංකාවේ ඔහුගේ පළමු සජීවී ප්‍රසංගය සමඟ ඉතිහාසය නිර්මාණය කිරීමට සූදානම් වන විට මෙය තීරණාත්මක අවස්ථාවක් සනිටුහන් කරන බව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පසුගියදා (16) පැවැති මාධ්‍ය හමුවේදී ඇල්ෆා බ්ලොන්ඩි ප්‍රකාශ කළේය.
කෝට් ඩි අයිවෝර්හි සිට පැමිණි බ්ලොන්ඩි, ජෙරුසලම, කොකෝඩි රොක් සහ බ්‍රිගේඩියර් වැනි බලවත් ගීත සමඟින් මහාද්වීප පුරා ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගෙන ඇති බවත් තමා ශ්‍රී ලංකාවටද ඉතා කැමැත්තක් දක්වන බවත් ඔහු කීය. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සිනා මුසු මුහුණින් යුතු දැඩි ආගන්තුක සත්කාරකත්වය තමා අගය කරන බවද හෙතෙම පැවසීය.
ප්‍රසංගයට සහභාගීවීම සඳහා ඔහුගේ සුප්‍රසිද්ධ සංගීත කණ්ඩායම වන Solar System ද මෙරටට පැමිණ ඇත.
මෙම මාධ්‍ය හමුවට ඇල්ෆා බ්ලොන්ඩි (කලාකරු), විනෝද් මෙල්පිටිය (අධ්‍යක්ෂ, ෆාර් ගියර් නිෂ්පාදන), කමල් මුණසිංහ (උප සභාපති, සිනමන් හෝටල් සහ නිවාඩු නිකේතන) සහ බුද්ධි වික්‍රමනායක (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, MBC ජාල පුද්ගලික සමාගම) සහභාගී විය.
(සටහන | ජේ.මුණසිංහ)







