ආදිත්‍ය වික්‍රම් සෙන්ගුප්තාගේ අධ්‍යක්ෂණයක් වන “Labour of Love”(2014) සම්මානිත ඉන්දියානු චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සංවාදයක් ජූලි 27 වන ඉරිදා, සවස 4.30 ට, ජාතික චිත්‍රපට සංස්ථාවේ ජෝ අබේවික්‍රම ශාලාවේදී පැවැත්වීමට නියමිත යි.
චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් පසුව පැවැත්වෙන සංවාදයේදී ආරාධිත අදහස් දැක්වීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියන්ත ෆොන්සේකා විසින් සිදු කරනු ඇත.
ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව සහ NFC සිනමාකරණ ඩිප්ලෝමා ආදිවිද්‍යාර්ථි ශිෂ්‍ය සංගමය සංවිධානය කරනු ලබන මෙම වැඩසටහනට ඇතුළුවීම නොමිලේ.








