''ජගත්හුගේ විශ්වාසයට අනුව මානවයාගේ ලිඛිත ඉතිහාසයේ පළමු සටහන කවියකි. ඒ සටහන තැබෙන්නේ ක්‍රි. පූ. 2285 දී ය. ඒවකට සුමේරියාව හෙවත් වත්මන් ඉරාකයේ රාජ්‍ය පාලකයා වූ සාරගොන් අධිරාජ්‍යයාගේ පාලන සමයෙහි ය.
එම කවිය රචනා කරනු ලැබ ඇත්තේ, රජුගේ දියණිය වූ ''එන්හෙඩුආනා'' විසිනි.
මානව වංශ කතාව ඇරඹුණු දා සිට කාලයේ වැලි තලාවේ සැඟව ගිය අතීත මිනිසා පිළිබඳ බොහෝ තොරතුරු ලෝකයට අනාවරණය නොවි පැවතිය හැක්කා වුව ද අද දවසේ පිළිගැනිම ලොව ලියවුණු ප්‍රථම කවිය ද එය යන්න යි.
ඒ පිළිගැනීමට අනුව මානව ඉතිහාසයේ පළමුවන ලිඛිත කවියේ නිර්මාණකරුවා කිවිඳියක් වුව ද ජගත් කවියේ පවා වනිතා නියෝජනයෙහි ඇත්තේ සාපේක්ෂ අඩුවකි.
පෙර දිග වේවා අපරදිග වේවා ඒ පොදු නිරික්ෂනයකි. ශ්‍රි ලංකාවේ ද එහි වෙනසක් නැත්තේ සාහාත්‍යකරණය යන්න බෙහෝ දුරට පිරිවෙන් සහ විහාරාරාම කේන්ද්‍ර කොට ගෙන පැවති නිසා විය හැකි ය. මෙරට විධිමත් අධ්‍යාපනය මූලාරම්භ වන්නේ ද පිරිවෙනිනි.
අතීතයේ එසේ වුව ද වර්තමානයේ සිංහල කවියේ සැලකිය යුතු වපසරියක් කිවිඳියන් විසින් අත්පත් කරගනු ලැබ ඇත.''
යට දක්වා ඇති කොටස උපුටුගත්තේ රුවන්මලී දීපිකා කොඩිකාර විසින් රචිත ''මඳ සිනා නගන විල් දිය'' කාව්‍ය සංග්‍රහයේ පෙරවදන ඇසුරෙනි; එම පෙරවදන ලියා ඇත්තේ සම්මාන ලාභි කවියකු වන රංජිත් මල්ලියාවඩු ය.
The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ: එම කාව්‍ය සංග්‍රහය රචනා කළ කිවිදිය යි.
මතු පළ වන්නේ රුවන්මලී දීපිකා කොඩිකාර The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත විඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)