leader s

Image@ක්ලැරන්ස් (2025)

 

සංගීතමය චිත්‍රපටියකට අවශ්‍ය සවුන්ඩ් කොලිටි එකක් එක්ක කෑගල්ලේ චායා එකෙන් 'ක්ලැරන්ස්' (2025) බැලුව. කොළඹ නොගිහින්. අද.

ෆිල්ම් එක ඇවිල්ල ටිකක් කලක් උනාට හිතාමතාම පහුකරලා බැලුවේ. ෆිල්ම් එක කොයි තත්වේ තිබ්බත් කැලැරාට කරන ට්‍රිබියුට් (tribute) එකක් විදියට තමයි බලන්න හිතුවේ.

කට්ටිය කියන විදියට ගාමිණී මාලනී - විජය මාලනී කාලේ ජෝති ලතා ඇන්ජලීන් වගේ අය කියපු සින්දු කෑලි ඒ කාලේ ප්‍රේක්ෂකයෝ ගෙදර ගෙනාවා කියල කතාවක් තියනවා. ඒක ඉන්දියාවේ වගේම ලංකාවෙත් තිබ්බ ෆිල්ම් කල්ට් (film cult) එකේ ප්‍රථිපලයක්. ඒ වගේ ෆිල්ම් කල්ට් එකක් ඉවරවෙලා ගිහිල්ල දැන් ගොඩක් කල් වෙලත් මට හිතුන මේ ෆිල්ම් එක එක්ක ක්ලැරන්ස්ගේ සින්දු කෑලි ගොඩක් මම ගෙදර ගෙනාවා කියල.

මියුසික් පැත්තෙන් එච්චර සාර්ථක ෆිල්ම් එකක් ලංකාවේ බැලුවමයි කියල හිතුන. ඒ ගොඩක් සින්දුවල තියෙන්නේ ක්ලැරන්ස් කියන කෙනාගේ අයිකොනික් සංගීත අනන්‍යතාව සහ ලස්සන.

හැබැයි සුරේෂ් මාලියද්ද අතිශයින් සිත්ගන්නා සුළු එකතුකිරීම් ගණනාවක් මේ ෆිල්ම් එකට කරලා තියනවා. ඒක විශේෂයෙන්ම මෙතන කියන්න ඕනි. පරණ සින්දුවේ මතකය මරන්නේ නැතුව අලුත් හඬක් එකතුකරලා තියනවා. ඒක ක්ලැරන්ස්ට ගෞරවයක්.

මූන්ස්ටෝන්ස් හෝ ඊටත් පොඩ්ඩක් එහා ඉඳන් සුපර් ගෝල්ඩන් චයිම්ස් හරහා ඔහුගේ සෝලෝ කැරියර් එක දක්වා කියපු සින්දු මාලාවක් මුතු ඇමුනුවා වගේ චිත්‍රපටයේ එකදිගට අමුණලා තිබ්බ. කාලානුක්‍රමිකව (chronically). එහෙම දෙයක් වෙන්න සුරේෂ් ඇතුළු ලංකාවේ ගොඩක් අය තුල මතුවෙලා තියන සමකාලීන සංගීත සවිඥානිකත්වයේ දියුණුව බලපාල තියනවා කියල හිතෙනවා.

ප්‍රතික්ෂේපයෙන් නොකැළඹී ක්ලැරන්ස්, ප්‍රතිනිර්මාණය කළ 'කිරි මුහුද කළඹාලා'

 

ක්ලැරන්ස් කියන්නේ අතිශයින් සුවිශේෂ මිනිහෙක් මට අනුව. මියුසික් පැත්තෙන් අසිරිමත් දක්ෂතාවයක්, කවීත්වයක් තිබ්බ කෙනෙක්.

ඒ වගේම 60, 70 දශකවල සහ 80, 90 දශක හරහාත් ගලාගිය දුක් අදෝනා පිරුණ, කඳුළු දහඩිය මුසුවෙච්ච, විමුක්ති දේශපාලනය කියල කිව්ව, බොරු ගොවි කම්කරු වමේ ඇස්බැන්දුම් දේශපාලනයට (එදා අපිට නොතේරුණ එහෙත් අද තේරෙන) සහ ඒ එක්ක ආව රැඩිකල් කියල කිව්ව උලලේනෝ බකමුණෝ පදවැල් වලට සහ සංගීතයට ඔහු අසුනොවීමම ඇති ඔහුව වෙනත් පෞරුෂයක් හැටියට ලංකාවේ තේරුම්ගන්න.  

මේ පොළොව කුපිතකළ ඒ වමේ ගෝෂාව ඉදිරියේ පොඩ්ඩක්වත් නොසැලුන ක්ලැරන්ස් ඒ වෙනුවට සොබාදහමේ ලස්සන එක්ක ආදරය මිශ්‍ර කළා. තරුණවියේ සුන්දර බව ගැන කීවා. සුබවාදී විදියට දේවල් දිහා බැලුවා. මිනිස් පැවැත්මේ ගොඩක් පැතිකඩවල් ඔහුගේ විදියට කවියට නැගුවා. ඒකට ගිටාරයේ භාව උද්දීපනය එකතු කළා. වෙන කිසිම කෙනෙක් මෙච්චර අනුරාගිකව ගිටාරය ලංකාවේ අධ්‍යාත්මය ඇතුලේ පැලකෙරුවේ නැහැ.

clm58o

ඒ හඬ හෑන්ක් මර්වින්ගේ හඬ නෙවෙයි. බීට්ල්ස්ලත් නෙවෙයි. ක්ලිෆ් රිචර්ඩ් නෙවෙයි. එල්විසුත් නෙවෙයි. ඒ ක්ලැරන්ස්.

ක්ලැරන්ස් ක්ලැරන්ස් කළේ ජනප්‍රිය වාණිජ සංගීතය. ඒ වාණිජ නිෂ්පාදකයෝ එක්ක. නාගරිකව. යම් වෙනස් මියුසික් එකක් අහන්න ඉස්පාසුවක් තිබ්බ සාංදෘෂ්ටික මධ්‍යම පංතියකට. ඒ පොඩි මධ්‍යම පංතික බව ෆිල්ම් එකෙත් තියනවා. බෑන්ඩ් එකට දැම්ම නම් උනත් ටිකක් මොඩ් ඉංග්‍රීසි නම්.

ක්ලැරන්ස් චිත්‍රපටය යම් උත්සාහයක් දරල තියනවා ක්ලැරන්ස් ගායනා කරපු සුභවාදී, සුන්දර, නොස්ටැජික පැවැත්ම ඇතුලේ ඔහු යම් විදියකට විඳවපු අඳුරු කොටසක් ගැන කතා කරන්න. චිත්‍රපටියට යම් හෝ බරක් එන්නේ එතැනින්. ඒ තරමක් අඳුරුබව වෙනුවෙන් සිනමාකරුට සැලියුට් එකක් ගහන්න ඕනි.

හැබැයි....ක්ලැරන්ස් කියන්නේ ඔහුගේ ජීවිතයේ මුල්කාලයේ රම්‍යයයි ශිලයි අතරේ දෝලනය උනු 'සෙවල' ආදර චරිතයක් විතරක් නෙවෙයි. ඊට වඩා ලාංකික සංගීත පෞරුෂයක් ඔහුට තිබ්බ.

 

මේරියන්ස් නලින් එයාලගේ ක්ලැරන්ස් ෂෝ එකේදී කියනවා ක්ලැරාගේ සිංදුවක් එයාගේ අවසරයක් නැතුව කිව්ව කියල ගෙදරටම ගෙන්නලා රස තේ එකක් දීලා දෙහි කපපු එකක් ගැන. සන්ෆලවර් නීල් පිළිගන්නවා එයාලගේ බෑන්ඩ් එකේ නම දැම්මේ ක්ලැරන්ස් කියල. අපි කැමති උනත් නැතත් සන්ෆලවර් කියන්නේ පුරා දශකයක් හෝ ඊට වැඩියෙන් ලංකාවේ ජනප්‍රියම බැකින් බෑන්ඩ් එක. ඔය හැම හැම එකක් පස්සෙම ක්ලැරා ඉඳල තියනවා. පිටරට ෂෝ එකක් වෙලාවක කට්ටිය පිස්සු කෙළිද්දී ක්ලැරන්ස් උන්ට සත්තම දාල තියනවා. ඒ වගේ ඔහුගේම සංගීත පෞරුෂයක් ඔහු නඩත්තු කරලා තියනවා.

නමුත් චිත්‍රපටියේ අපි දකින්නේ විජය කොරයා හරි සඟබෝ කොරයා හරි සූරිය රෙකෝඩ් හරි කිව්ව ඕනි දෙයක් ඒ විදියටම පිළිගත්ත කෙනෙක්. අච්චර කල් තිබ්බ නම වෙනස් කරන්න කියන කොට හා කියනවා. ගෑණු කටහඬක් ගේන්න කියනකොට ඒකටත් හා කියනවා. හිටගන්න කිව්වොත් හිටගන්නවා. ඉඳගන්න කිව්වොත් ඉඳගන්නවා.

bohemianrhapsody.0
නමුත් ලෝකයේ දැවැන්ත ජනප්‍රිය සංගීත චරිත තුනක් ගැන කෙරුණු පහත ෆිල්ම් දිහා බලන්න. රේ චාල්ස් ගැන කෙරුන Ray (2004), ෆ්‍රෙඩී මර්කරි ගැන කෙරුණ Bohemian Rhapsody (2018), සහ එල්විස් කියන අති දැවැන්තයා ගැන කෙරුන Elvis (2022).  

මේ කිසිම චරිතයක් නිෂ්පාදකවරුන් හෝ එයාලගේ මැනේජර්ස්ල කිව්ව පදේට නටුවේ නැහැ. උන් උන්ට ඕනි දේ වෙනුවෙන් ෆයිට් කළා. ඒ නිසාම විශිෂ්ට දේ ලෝකයට දායාද කළා.

506809224 122126368172803947 4381961922717638496 n

මම හිතනවා ක්ලැරන්ස් සතුවත් ඒ පෞරුෂය තිබ්බ කියල. හැබැයි ඒක ෆිල්ම් එක ඇතුලේ මතුවෙන්නේ නැහැ. එහෙම මතුවෙන්න හෝ මතුකරගන්න ඕනි චරිතාංග නළුවොත් දැන් නැහැ. සාරංග දිසාසේකර සහ දිනක්ෂි මේ ෆිල්ම් එක ටෙලියකින් එහාට ගෙනියන්නේ නැහැ. ප්‍රධාන නළුවා (උගේ නම මම දන්නේ නැහැ) ඉන්නේ සාරංගටත් පස්සෙන්. රඟපාන්නේ බයෙන්.

n787

ඉන්ද්‍රානි අම්ම ගැන කරපු රේකොඩින් එක දිනක්ෂි හොඳට කරනවා. වගේම මන්ගෝ නැන්දාගේ චරිතේ කරන කෙනා නියමයි.

60 සහ 70 ජනප්‍රිය සංගීතයක් සහ එහි චරිත වෙනුවෙන් මේ යුගයේ ජනප්‍රිය චරිත ගැනීම ඉතාම හොඳ දෙයක් උනත් එයාල මේ වැඩේට සාධාරණයක් කරන්න ඕනි. එයාල ක්ලැරන්ස් ගැන මියුසිකල් රිසච් එකක් කරන්න තිබ්බ.

සුරේෂ් යම්දුරක් ඒක කරලා තිබ්බ නිසා මියුසික් ඉස්තරම්ම මට්ටමේ තියනවා. මියුසික් වලට වැඩි තැනක් දුන්න නිසාදෝ චරිත නිරූපණය දුර්වල වෙනවා. හවස අටේ ටෙලි තලයට මේක හොඳයි. හැබැයි චිත්‍රපටියක ගැඹුර නැහැ. නමුත් රේ (Ray) වගේ ෆිල්ම් එකක් මේ පැති දෙකම බැලන්ස් කරනවා. එල්විස් (Elvis) වගේම බොහීමියනුත් (Bohemian Rhapsody) එහෙමයි.

505005667 122128528364803947 6872613825735956573 n

 

පසුතල එහෙම නියමයි. ඇඳුම් නියමයි. පරණ විජය මාලනී, ජීවන් සබීතා මතක්වෙන පසුතල කිහිපයක් තියනවා. ඒවා ගැලපෙනවා. ශීලා විරුද්ධ උනාට අර ක්‍රිස්තියානි පසුබිම කතාව එක්ක ගැලපිලා යනවා. මට මතක් උනේ ජිජැක් Sound of Music එකේ ලොකු කන්‍යා මව්තුමිය ආදරේට සපෝට් කරපු එක ගැන කියන විපරීත කතාව.

ක්ලැරන්ස්ගේ මියුසික් වලට ෆිල්ම් එක ඇතුලේ සාධාරණයක් උනාට එයාගේ චරිතයට එච්චර සාධාරණයක් වෙලා නැහැ කියන එක තමයි මගේ මතය.

සටහන දිග උනාට සොරි.




හෙමින් යන අය ගොඩක් දුර යනවා... - (ආචාර්ය මහේෂ් හපුගොඩ)(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි:

ලංකාවේ එල්විස් ප්‍රෙස්ලි ! -ඇටමැස්සා (75)

සංගීත ලොව එකළු කළ සූරිය ලකුණ ! -ඇටමැස්සා (97)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්