අපේ රටේ නිදහසට පෙර සමයේ භාෂානුරාගයත් දේශානුරාගයත් දල්වමින් කළ මෙහෙය උදෙසා කුමාරතංග මුනිදාස සූරින් හට නමස්කාර කළ යුතු යැයි ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ජුලි මස 25වන දින පැවති කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කළ උත්සවයේ වෙසෙස් දෙසුම පවත්වමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් සුනිල් සරත් පෙරේරා පැවසුවේ පාරම්පරික ඥානය පිලිබඳ අවබෝධය ලබා ගැනිමට නම් ඉතිහාසය හැදෑරිය යුතු බවයි.
මතු පළ වන්නේ කුමාරතුංග මුනිදාස 138 වැනි උපත් සමරුව සහ 'කුමාරතුංග මුනිදාස සිසුවරම' අනුස්මරණ ශිෂ්‍යත්වය ප්‍රදානය කළ අවස්ථාවේ දී ප්‍රවීණ ගීත රචක සුනිල් සරත් පෙරේරා කළ වෙසෙස් දෙසුම අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)
සබැඳි ලිපි :
ඉතිහාසය ඉගැන්වීම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට පෙර රජය නැවත සිතා බැලිය යුතුයි -තිරිකුණාමලේ ආනන්ද මහ නා හිමි
කුමාරතුංගයන් තව දශකයක් ජීවත් වී නම්..... | Gevindu Cumaratunga







