leader s

ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය,

2025 අගෝස්තු 07වන බ්‍රහස්පතින්දා, සවස 03.00ට, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ පැවැත්වේ.

උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් මීට සහභාගී වීමට නියමිතයි.

මෙම කෘතිය මනෝහාරි හේවාවසම් විසින් රචිත තෙවන ප්‍රබන්ධ කෘතිය යි. මීට පෙර ඇය ''ඇහැළමලී'' සහ ''පෙම්බරා'' යන මැයෙන් කෘති ද්විත්වයක් රචනාකොට තිබේ.

''පුරප්පට්ටුව'' කෘතිය ජනගත කෙරෙන්නේ ''පෙම්බරා'' කෘතිය ජනගත කර වසර දහයක් ඉක්ම වීමෙන් පසුව වීම ද විශේෂත්වයක්.

එදින, ඒ මොහොතට සියලු සහෘදයන්ට එක්වෙන්නැයි මනෝහාරි ආරාධනා කර සිටින්නීය.

 WhatsApp Image 2025 08 03 at 11.12.12 AM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්