leader s

ගොඩක් අය කියන කතාවක් තමයි සෙක්ස් තියෙන්නෙ ‘කරන්න’ මිස ‘කතා කරන්න’ නෙමෙයි කියල.

ඒත් මං වැඩියෙන් කැමති සෙක්ස් ගැන කතා කරන්න, ලියන්න, ඒ වටේ නටන්න. සෙක්ස් කියන්නෙ ‘කරන්න’ තියෙන දේකට වඩා විඳින්න, දකින්න, කියවන්න, පරිකල්පනය කරන්න තියෙන දෙයක් විදිහටයි මං හිතන්නෙ.

ඉතින් ඉරොතික පොතක් ලියනවා කියන්නෙම මට රමණයක් හා සමාන අත්දැකීමක්. තනියම ලියනවටත් වඩා තව කෙනෙක් එක්ක ශෘංගාර පරිච්ඡේද ලිවීම කියන්නෙ ස්වර්ගමය ආස්වාදයක්. අපි එකිනෙකාගේ හැගීම්, ආශාවන්, කියන නොකියන කතාවන් ඇතුලෙන් කාලය හරහා ඉරොතික වියමනක් කරනවා. ඒක භාෂාවේ, සාහිත්‍යයේ හෝ ව්‍යාකරණයේ අභ්‍යාසයකට වඩා අපේ ජීවිත ඇතුලෙන් කැණීම් කරමින්, අපේ ආශාවන්, විපරීතයන් සොයාගෙන යමින්, ඒවා එකිනෙකා සමග බෙදාගනිමින් කරන තාන්ත්‍රික ගවේෂණයක්. හොඳ, නරක සංස්කරණයන් වාරණයන් ඉක්මවා අපිට කොයිතරම් අපිව විනිශ්චයකින් තොරව බාරගන්න පුළුවන්ද කියන එක ගැන ආදරණීය අත්දැකීමක්.

d255 Luna v2 1 copy 2 s copy

 

unapologetic කියන වචනෙ ජීවිතය සම්බන්ධයෙන් යොදන්න මං ගොඩක් කැමති වචනයක්. විශේෂයෙන්ම ගැහැණියක් තමන්ගෙ ජීවිතය දිහා අන්ඇපොලොජටික් විදිහට බලනවා කියන්නෙ මට ඒක ශුද්ධ වූ වායාමයක්. තමන්ගේ ජීවිතය, තමන්ගේ ආශාව වරදකාරීත්වයකින් හෝ පශ්චාත්තාපයකින් තොරව ආඩම්බරෙන් වැළඳගැනීම. ලංකාවෙ ගැහැණු එහෙම පොත් ලියන්නෙම නැති තරම්. ඒ අය පිටත සිටින පිරිමියාගෙන් තමන්ගේ සිතීමට  සීමා පනවාගන්නවා. තමන්ගේ සුවිසල් වනාන්තර ආත්මය ක්ෂුද්‍ර කරගන්නවා. ඒ වෙනුවට සැබෑ ආත්මයේ සළුපිළි උනා දමමින් නිරුවත්ව වැළඳගැනීමට වචන අතර ඉඩදෙන ගැහැණුකම කියන්නෙ මුනිවරභාවයක්.

ලූනා, එහෙම වියමනක්. ගැහැණු සිතක වන්දනා ගමනක්. පිරිමියෙක් හැටියට මම ඇය සමග ශෘංගාර සක්මනක යෙදෙන යාත්‍රිකයෙක්. මේ එක්තරා විදිහක දීපවංසයක්.

කවර නිර්මාණයේ ගෞරවය Chandana Prasanna

මාලිනී දෙවඟනක් වෙන්නෙ ඇයි ? | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්