leader s

ලිවීම යනු දිව්‍යමය කටයුත්තක් බවත්, එමෙන් ම නවකතාවක් ලිවීම සඳහා විවේක බුද්ධියක් අවැසි බැවින් දෙවන නවකතාව නිකුත් වී දස වසරක් ඉක්ම යන තෙක් තෙවන නවකතාව ලියා අවසන් කිරීමට නොහැකි වූයේ යැයි ප්‍රවීණ මාධ්‍යවේදිනියක මෙන් ම ලේඛිකාවක වන මනෝහාරී හේවාවසම් පැවසී ය.

ඇය මෙම අදහස් පළ කළේ ඇගේ තෙවන ප්‍රබන්ධ කතාව වන ''පුරප්පට්ටුව'' කෘතිය පිළිබඳ TV Supreme රූපවාහිනී නාලිකාවේ Every Morning වැඩසටහන සහභාගි වෙමිනි.

නවකතාවක් යනු වෙනත් ආකෘතියක් බැවින් එය කෙසේ විය යුතු දැයි කලින් ම තීරණ නොකරන බවත් නිදහසේ ලියාගෙන ගොස් අනතුරුව කිහිප වතාවක් ම සංස්කරණය කර යළි යළිත් ලියා ප්‍රකාශයට පත් කිරීම තමාගේ ක්‍රමවේදය බවත් ඇය වැඩි දුරටත් පැවසී ය.
 
මනෝහාරී හේවාවසම් විසින් රචිත 'පුරප්පට්ටුව' නවකතාව එළිදැක්වීමේ උත්සවය 2025 අගෝස්තු 07වන බ්‍රහස්පතින්දා, සවස 03.00ට, කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
 
උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් සහභාගී වීමට නියමිත ය.

මතු පළ වන්නේ මනෝහාරී හේවාවසම් TV Supreme රූපවාහිනී නාලිකාවේ Every Morning වැඩසටහනේ දී දැක්වු අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

WhatsApp Image 2025 08 05 at 2.14.48 PM

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්