leader s

ප්‍රවීණ මාධ්‍යවේදිනියක, සිනමා සහය අධ්‍යක්ෂකවරියක මෙන්ම ග්‍රන්ථ කතුවරියක වන මනෝහාරී හේවාවසම් විසින් රචිත ‘පුරප්පට්ටුව’ නවකථාව එළිදැක්වීම,  (07) පස්වරුවේ කොළඹ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී සිදු කෙරුණා.

ඒ කලාකරුවන්, විද්වතුන් ඇතුළු සහෘදයන් රැසකගේ සහභාගීත්වයෙන්.

කෘතිය එළි දැක්වීමට සමගාමීව ‘ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය හා නූතන ලාංකේය ස්ත්‍රිය’ යන තේමාව යටතේ සංවාද මණ්ඩපයක් ද පැවැත්වුණු අතර මෙහිදී ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක යන අය අදහස් දක්වනු ලැබුවා. සංවාදය මෙහෙයවනු ලැබුවේ මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ විසිනි.
 
 
529867401 772884705689089 1373433816339095113 n

උත්සවයේ ප්‍රධාන දේශනය කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ධම්ම දිසානායක විසින් පවත්වනු ලැබූ අතර උත්සවය මෙහෙයවීම සාහිත්‍යවේදී නීතීඥ ඩිල්ෂාන් පතිරත්න විසින් සිදු කරනු ලැබුවා.
'පුරප්පට්ටුව' නවකථාව මනෝහාරී විසින් රචිත තුන්වන ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිය වන අතර මීට පෙර ඇය විසින් 'ඇහැළමලී' සහ 'පෙම්බරා' යන මැයෙන් කෘති ද්විත්වයක් රචනා කොට තිබෙනවා. ඇගේ තුන් වන නවකතාව වන 'පුරප්පට්ටුව' පළ වන්නේ 'පෙම්බරා' නවකතාව පළවී වසර දහයකට පසුව වීම ද විශේෂත්වයක්.
ahalamali

පහතින් දැක්වෙන්නේ ඊයේ මහවැලි කේන්ද්‍රයේ පැවැති කෘතිය එළි දැක්වීමේ අවස්ථාවේ විශේෂ අවස්ථා කිහිපයක ඡායාරූප පෙළක්.
 

 pura 4

528923042 1066443928806122 4178322655569371987 npurappattuwa 2

pura 3

 

mirrorarts.lk

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්