leader s

මෙවර ‘mirror arts’ කතාබහ සමග එක් වූ චරිතය ඔබ රුව නොදැක්කත් හඩින් ම නිසැකවම ඔබට හඳුනාගත හැකි චරිතයක්.

ඔහු ලංකාවේ ප්‍රවීණ සන්නිවේදකයෙක් (රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ගුවන් විදුලි වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, ගීත රචකයෙක්, ක්‍රීඩා විස්තර විචාරකයෙක්, පුවත්පත් කතුවරයෙක් වැනි බොහෝ අංශයන් යටතේ ඔහුව හඳුන්වාදීමට පුළුවන්

මේ සුවිශේෂී හඩ පෞරුෂය වෙන කවුරුත් නොවේ කැළුම් ශ්‍රීමාල්.

ඔහු මෙවර වැඩසටහනට එක් වෙමින් සිය ජීවන අත්දැකීම් ‘mirror arts’ සමග බෙදා හදා ගත්තා.

වෘත්තීය ජීවිතය තුළ ගුවන් විදුලි සංස්ථාව ඇතුළුව ලංකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන රැසක මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔහුගේ අත්දැකීම් බොහෝමයි.

 
channels4 profile 1
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රේමකීර්ති ද අල්විස්, නිමල් ලක්ෂපති ආරච්චි, සමන් අතාවුදහෙට්ටි වැනි ප්‍රවීණයන්ගේ ඇසුරේ හැදී වැඩුණු ඔහු සිය මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් පිළිබඳව ඉදිරිපත් කළ අදහස් හරිම රසවත්.
ඒවගේම මේ සියලු කතා අතර තම ජීවිතයේ රස මුසු තැන් බෙදා හදා ගන්නත් ඔහු අමතක කළේ නෑ.

කැළුම් ශ්‍රීමාල් -  “මම දැක්ක අපේ කාලේ විශිෂ්ට මාධ්‍ය තාන්ත්‍රිකායා තමයි නිමල් ලක්ෂපති ආරච්චි. එයා ඒ කාලේ දැක්කා මේ ඩිජිටල් සම්ප්‍රධාය එනවා. දුරකථනයෙන් තමයි ඔක්කොම වැඩ කරන්නේ. කර්තෘ භාවය පිළිබඳ ප්‍රශ්න එනවා. Music video තමයි ඊට පස්සේ ringing tone බවට පත් වෙන්නේ. ඒ නිසා ඒකට දැන්ම ලැහැස්ති වෙන්න කියලා එයා කිවුවේ 1997 – 1998 කාලේ..”

“සම්මුඛ සාකච්චා පැවැත්වීමේ කතන්දරයේදී හැමතිස්සේම එන ආරාධිතයාව රැක ගන්න ඕනෙ.ආරාධිතයව ඉන්න ප්‍රමාණයෙන් අඩියක් ඉහළට ඔසවලා ඔයාට යවන්න පුළුවන්නම් ඔබ විශිෂ්ට, වෘත්තීය මට්ටමේ නිවේදකයෙක්...”
 
 


“කුමරියක පා සළඹ සැළුවා අමරදේවයන් කියන්නේ අවුරුදු හැටේදි ඇපල් මල කියන්න පොඩ්ඩක් මැළි කමක් දැක්වූවා අමරසිරි අයියා..”

“ගැහැණිය හැමතිස්සෙම ආදරෙන් වෙළෙනවානේ පිරිමියා කැමති ආශාවෙන් ඇළෙන්න විතරයි ගැළවීමේ පරම අභිප්‍රායෙන්.හැබැයි ඒකට ගියාම ගැහැණිය විසින් වෙළා ගන්නවනේ. වෙළා ගත්තහම ගැළවීමක් නැහැ....”

කැළුම් ශ්‍රීමාල් සහභාගී වූ සම්පූර්ණ වැඩසටහන දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

පහතින් එහි වීඩියෝව දක්වා තිබෙනවා.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්