සංජුලා පීටර්ස් විසින් පරිවර්තිත රුද්‍රමුර්ති චේරන්ගේ තෝරාගත් කවි එකතුවක් ''ළසෝ දිය වෙන භූමිය'' (Land of Melting Sorrow) යන මැයෙන් ජනගත කිරීමේ උලෙළ අගෝස්තු 12වන දින සවස 03.00 කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
මෙම අවස්ථාවට කිවිවර චේරන් ද සහභාගි වීමට නියමිත ය.
ආචාර්ය කුමුදු කුසුම් කුමාර ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිත අතර රුද්‍රමූර්ති චේරන් සහ සංජුලා ඕෂිනී පීටර්ස් ද අදහස් දැක්වීමට නියමිත ය.
රුද්‍රමූර්ති චේරන් සහ සංජුලා ඕෂිනී පීටර්ස්
සභාව මෙහෙයවනු ලබන්නේ සම්පත් සමරකෝන් විසිනි; කවි කියවීම ෆාතිමා රික්සා විසින් සිදුකෙරෙනු ඇත.
එම අවස්ථාවට සහභාගි වන මෙන් කවියට ළැදි ඔබ සැමට ගෞරවයෙන් කෙරෙන ආරාධනය යි මේ...!









