leader s

පොතක් ලියනවා කියන්නෙ හරිම ඉන්ටිමේට් අත්දැකීමක්. මට හිතෙන්නෙ කලාවන් අතර අන් සියලු කලාවන්ට වඩා කෙනෙකුගේ ආත්මීය ගැඹුර ස්පර්ශ කළ හැකි පර්සනල් වූ කලාවන් තියෙනවා.


චිත්‍රය, සංගීතය, ලේඛනය වගේ දේවල් තියෙන්නෙ ඒ කලාපයේ.  අපිට තනියම අපේ ඇතුලට කිමිදෙන්න පුළුවන් අභ්‍යාසයන්. ඒවා හරිම ප්‍රාථමික නිසාම ඒවාත් එක්ක කරන්න පුළුවන් ආත්මීය ගනුදෙනුව සුවිසල් වෙනවා.

මට හැමතිස්සෙම ලිවීම කියන්නෙ මාව හොයාගෙන යාමක්. ඒක තාමත් මට ෆැන්ටසියක්. කෙටි යමක් ලියනවා වගේ නෙමෙයි, දීර්ඝ කාලයක් ලිවීම කියන්නෙ වෙනම ට්‍රිප් එකක්.  මාස ගානක් ඒ පරිකල්පිත ලෝකෙ ඇතුලෙ ජීවත් වෙන්න මට ඉඩක් ලැබෙනවා. ඒ කාලෙ මගේ බාහිර ලෝකය සම්පූර්ණයෙන්ම මට මගහැරිලා යනවා.

 

මම මගේ අභ්‍යන්තර චරිත එක්ක ජීවත් වෙනවා.

හැම පොතක් ලියද්දිම මං හොයාගෙන යනවා ඒ මූඩ් එක දෙන ලැගුම්පොලක්. ගුහාවක්. ලූනා ලියද්දි මං ගියා ඒ වගේ ලස්සන තැනකට, නුවර. ඒ තැන නම නුගලියැද්ද. ඒක හරිම මැජිකල් තැනක්. කඳුවලින් වටවුනු, දුම්දාන රොටි ලුනුමිරිස් කඩ පිරුනු,  මීදුම් කොදෙව්වක්. දවස් කීපයක් එතන ඒ හීනයේ උපරිම සමාපත්තියට යන්න මට  පුළුවන් වුනා.

මට ‍ශේන්‍යා මුනගැහෙන්නෙ ෆැකල්ටි ‍ඔෆ් සෙක්ස් වෙබ් එකේ නවකතාවක් හින්ද. එයා ලියන විදිහට ආස වෙලා මං කරදර කරනවා කතාවක් ලියන්න. මං ආසම ගැහැණු,  ඒ අයගෙ ශෘංගාර ජීවිතේ ගැන ලියන කතා කියවන්න. ඇනායිස් නීන් මගේ ලෝකෙ දිව්‍යමය ලේඛිකාවක් වෙන්නෙ එහෙම.

 

ශේන්‍යා එයාගෙ කතාව ලියනවා. ඒක ඇමරිකාවෙ ජීවිතේ හොයාගෙන යන දුඹුරු පාට කෙල්ලෙකුගේ කතාවක්.  ඒ කතාවෙ තියෙන කොකාකෝලා රහට මං වශී වෙනවා. මං ඒ කතාව උඩ මගේ කතාව ලියනවා. ලූනා බිහිවෙන්නෙ ඒ ඉරොතික අකුරු රමණයෙන්.

තමන් වගේම නිරුවත්ව ලියන්න පුළුවන් තවත් ලියන්නියක් එක්ක ලියන එක, ලිවීමේ සුරතාන්ත අත්දැකීමක්.

ලූනා ; චින්තන ධර්මදාසගෙන් අලුත්ම ශෘංගාර කතාවක්...
පොතක් ලිවීමෙන් ලේඛකයෙක් ලබන ස්වර්ගමය තෘප්තියක් ඒක. ඒ ශෘංගාර වන්දනාවේ කෙලවර ලියවෙන කෘතියක් කියන්නෙ දේව අනුහස් ඇති ශුද්ධ පැන් බෙදනවා වගේ අදහන හැමෝටම.

මාලිනී දෙවඟනක් වෙන්නෙ ඇයි ? | Chinthana Dharmadasa(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex


This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්