leader s

“ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී” තමයි මගෙ අලුත් ම පොත. ඒක කවි පොතක්. සරසවි ප්‍රකාශනයක්. දොරට වැඩීමේ උත්සවය

මේ අගෝස්තු 22වන දා හවස 3.00 ට.

කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පළමුවෙනි මහලේ 128 දේශණ ශාලාවේ.

පොතට වඩා මට වටින්නේ ඔබ. නෑ එහෙමම නෙවෙයි, පොතටත් එදාටත් වැඩි වටිනාකමක් එන්නේ ඔබ ඇවිත් හිටියොතින්. අපිව මුණගස්සන්න මේ පොත හොඳ නිමිත්තක්. එදාට අපි: එකට හුස්ම ගනීවි, සුසුම් හෙළාවි, හිනාවේවි, හැඟීම්බර වේවි. එනවා නේද ඔබ? නාවොත් අපි දෙන්නට ම දුක හිතෙයි. ඒ නිසා එන්න.

පොත ගැනම නෙවේ අපි ගැන කතාකරන්න එදාට එන්නේ අභිෂේකා විමලවීරයි විමුක්ති ජයසුන්දරයි. කතාබහට ඉඩ හසර හදල දෙන්නේ බිමාලී චතුප්‍රභා විතාන එක්ක ධම්මික බංඩාර හේරත්.

“හිත් මං කඩ” දී මුණගැහුණු අපි “ඉලුක් ගේ හැඩ කරපු රතු ම රතු කිකිළී” ළඟදීත් හමුවෙමු. එදාට පාර වැරදුණු සරුංගලයක් බලන්නත් පුළුවන්.

මම
ධම්ම දිසානායක/ සරසවි ප්‍රකාශකයෝ සමගින්.

  

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්