මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් සම්පාදිත ''ප්‍රේමකීර්ති ඝාතනයේ සුලමුල'' කෘතිය ජනගත කිරීම අගෝස්තු 27වන දින සවස 03.00ට කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ.
එම උත්සවයේ මුලසුන දරනු ලබන්නේ නීතිඥ ජාලිය සමරසිංහ විසිනි.
බුද්ධදාස ගලප්පත්ති, ධම්මික බණ්ඩාර සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන තෙපළ දේශන පැවැත්වීමට නියමිත අතර වැඩසටහන මෙහෙයවනු ලබන්නේ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කතුවරයා ආරාධනා කරයි...!








