leader s

කාංචනා ප්‍රියකාන්ත ජනප්‍රිය ලේඛිකාවක් වගේම, ලංකාවේ පොත් ප්‍රකාශනය ඩිජිටල් වේදිකාවක් දක්වා ගෙන ගිය ලංකාවේ ප්‍රමුඛ සන්නාමයක් වන ‘KBOOKS’ ප්‍රකාශන ආයතනයේ හිමිකාරිනියයි.
ඇය විසින් රචිත 'කර්මක්ෂ', 'මං චිත්‍රපටියක'.. වැනි කෙටි කතා සංග්‍රහයන් පාඨක සමාජය ආදරයෙන් වැළද ගත්තා වගේම විචාරක අවධානයද ලැබූ කෘතීන් ය. එමෙන්ම ඉංග්‍රිසි භාෂාවෙන්ද ග්‍රන්ථකරයේ නියැළෙන ඇය මේ වන විට ළමුන් සඳහා අධ්‍යාපනික ග්‍රන්ථ ගණනාවක් ද රචනා කොට තිබේ.

ලේඛිකාවක් විදිහට වගේම ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රය ගැනත් ඇයට ඇති අත්දැකීම් බොහෝමයි.

මෙවර ‘Mirror Arts’ YouTube නාලිකාව සමග කතාබහේදී  කාංචනා කලක් තිස්සේ ග්‍රන්ථ ප්‍රකාශන ක්ෂේත්‍රයේ නියැළීම තුළින් ඇය ලැබූ අත්දැකීම් වගේම ප්‍රකාශන ක්ෂේත්‍රයේ නවතම ප්‍රවණතා ගැනත් බොහෝ දේ බෙදා හදා ගෙන තිබුණි.

kanchana
අභියෝග ජයග්‍රහණය කිරීම, තමා සිදු කරන කාර්යයට උපරිමයෙන් කැපවීම, හෘදය සාක්ෂියට එකඟව ජීවත් වීම වැනි කාරණා ගැන ඇය පළ කළ අදහස් ඔබට අපූර්ව කතාබහක අත්දැකීම එක් කරනු ඇති.
කාංචනා - “මම හිතන්නේ මනුශ්‍යයෙක්ගේ පැවැත්ම තියෙන්නේ අපි හෘදය සාක්ෂියට කොච්චර එකඟද කියන එක මත”

“මට මං කරන දේ ගැන තෘප්තියක් එනකන් මම ඒක කරනවා”

“ගොඩාක් අය ගොඩක් දේවල් කරන්නේ තමන්ගේ දැනුමේ ප්‍රමාණයට”
 
 
Kanchana 2
“මුදල් වලට එහා ගිය ගොඩක් දේවල් මට ලේඛිකාවක් වීම නිසා ලැබිලා තියනවා”

කාංචනා ප්‍රියකාන්ත සහභාගී වූ සම්පූර්ණ සංවාදය නරඹන්න පහතින්.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්