leader s

මිනිස්සු ලෙස උත්පත්තිය ලබන අපි... මිනිස්සු ලෙස ජීවත් වන්නේ ද මිනිස් සමාජයක ම ය; නමුත් ඒ මිනිස් සමාජයේ එක් එක් මිනිසාගේ එක් එක් චර්යා එකිනෙකට වෙනස් ය.


සරලව ම උදාහරණය ලෙස එක් එක් පුද්ගලයාගේ ආහාර රුචිය පිළිබඳ තත්ත්වය...

කෙනකු පැණි රසට; තවකකු ඇඹුල් රසට; තවත් කෙනකු ඒකී රස ද්විත්වයට ම රුචිකත්වය දැක්විය හැකි ය. තවත් කෙනකු ඒකී රස ද්විත්වයට ම අරුචි විය හැකි ය. එය පූරුවේ කරුමයක් හෝ පතාගෙන ආ දෙයක් නොවේ.

එක් එක් පුද්ගලයින්ගේ ලිංගික නැඹුරුතාව ද මීට සාපේක්ෂ ය.

එක් පුද්ගලයෙක් විරුද්ධ ලිංගිකත්වයට වඩාත් රුචිකත්වයක් දක්වන විට, තවත් පුද්ගලයෙක් සම ලිංගිකත්වයට රුචිකත්වයක් දැක්විය හැකි ය; ඔය අතර තවත් පුද්ගලයෙක් බහු ලිංගිකත්වයට රුචිකත්වයක් දැක්විය හැකි ය. ඒ කිසිම තත්ත්වයක් ඒ ඒ පුද්ගලයින් පූරුවෙ පතාගෙන ආ විදිය නොව එක් එක් පුද්ගලයාගේ හෝමෝන ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵලයකි. මෙකී හෝමෝන ක්‍රියාකාරිත්වය මත ඇතිවෙන රුචිකත්වයට එරෙහි වීමට කිසිවකුට නොහැකි ය. එය මානුෂීය අයිතිවාසිකම් කඩ කිරීමකි.

නමුදු වර්තමානයේ පවතින්නේ දියුණු ලෝකයකි; ඒ තාක්ෂණික පාර්ශ්වයෙන් පමණක් නොව මානුෂික පාර්ශ්වයෙන් ද අතීතයට සාපේක්ෂව බොහෝ දියුණු ය. එබැවින් දියුණු බොහෝ රටවල එක් එක් පුද්ගලයින්ගේ ලිංගිකත්වය සඳහා බලපැම් නොකරයි.

නමුදු අතීතය හාරා ඇවිස්සීමේ දී අපි නොදන්නා කලාප බොහෝ පවතී. ඒ කලාප තුළ ද අතීත රාජ රාජ මහාමාත්‍යාදින් පවා තම ලිංගික ජීවිතය වෙනස් ආකාරයෙන් ගතකර ඇත; ඒ පිළිබඳව මහා වංශයේ මෙන් ම ථූපවංශයේ ද සඳහන්ව ඇත. නමුදු එම කලාප ස්පර්ශ කරන්නට බොහෝ ලේඛක ලේඛිකාවෝ මෙන් ම ඉතිහාස පර්යේෂක ප්‍රජාව ද මැළිකමක් දක්වති.

The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග අද එක් වන්නේ: ඒ ඔ්නෑම  කලාපයකට අත තැබීමට බිය නොවන ඉතිහාස පර්යේෂකයෙකි; ලේඛකයෙකි. ඔහු සුජිත් අක්කරවත්ත ය. අද ඔහු‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග එක් වන්නේ ඔහුගේ අභිනව ඉතිහාසීය පර්යේෂණ ග්‍රන්ථය වන ''රවාෂ'' පිළිබඳ කරුණු ඉදිරිපත් කිරීම සඳහා ය.

මතු පළවන්නේ, The Leader TV ඉදිරිපත් කරන ‘‘සරග’’ සාහිත්‍ය කලා වින්දනීය අඩ හෝරාව සමග සුජිත් අක්කරවත්ත කළ සම්මුඛ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.

(සටහන - ජයසිරි අලවත්ත)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්