අනුර හෑගොඩ, ලංකාවේ සංස්කෘතිය සමග මුල් බැසගත් පුද්ගලයෙක් බැවින් මානව සංවේදනා පිළිබඳ දැඩි සංවේදීතාවක් ඔහු තුළ පවතින්නේ යැයි මහාචාර්ය සරත් විජේසූරිය පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අනුර හෑගොඩ විසින් රචිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය ලන්ඩනයේ දී ජනගත කළ අවස්ථාවේ එහි මුඛ්‍ය දේශනය පවත්වමිනි.
ඒ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ අනුර හෑගොඩ තුළ පවතින එම සංවේදීතාව පිළිබිඹු කෙරෙන කෙටිකතා තුනක් ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහයේ අන්තර්ගතව ඇති බවයි.
මතු පළ වන්නේ අනුර හෑගොඩ විසින් ප්‍රබන්ධිත ''හිමකැටි ආදරය'' කෙටිකතා සංග්‍රහය පිළිබඳව මහාචාර්ය සරත් විජේසූරිය කළ සම්පූර්ණ දේශනය ඇතුළත් වීඩියෝව යි.
(සටහන - ජයසිරි අලවත්ත)







