leader s

මංජුල වෙඩිවර්ධන විසින් රචිත ‘බල්සාක් කැෆේ’ තීරු ලිපි සංග්‍රහය වසරේ විශිෂ්ටතම තීරුලිපි හෝ විශේෂාංග ලිපි සංග්‍රහය ලෙස 2025 විද්‍යෝදය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීය.


ඒ, ඊයේ (1) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල සභාසදයේදී පැවැත්වුණු විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළලේ දී යි.

 

balzak8

පළමු වරට අනිද්දා පුවත්පතේ කොලමක් ලෙසින් පළවීමෙන් අනතුරුව "ද ලීඩර්" ඩිජිටල් අවකාශයේ ද පළ කෙරුණු බල්සාක් කැෆේ, කෘතියක් ලෙස ප්‍රකාශයට පත්කෙරෙන්නේ විදර්ශන ප්‍රකාශනයක් ලෙසිනි.

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2025 : සම්මාන ලැබූ සෙසු ජයග්‍රාහකයන්

 
vid4
2025 වසරේ විශිෂ්ටතම නවකතාව : මහින්ද චන්ද්‍රසේකර විසින් රචනා කළ ‘වාපි’ නවකතාව (ෆාස්ට් පබ්ලිෂින් (ප්‍රයිවට්) ලිමිටඩ්).

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය : එරික් ඉලයප්ආරච්චි විසින් රචිත ‘මහජන ෆාමසිය’ කෙටි කතා සංග්‍රහය (ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ ප්‍රකාශන ආයතනය)

වසරේ විශිෂ්ටතම පද්‍ය කාව්‍ය සංග්‍රහය : ටිම්රාන් කීර්ති විසින් රචිත ‘මදුරාවතී නම් තරු රටාව’ පද්‍ය සංග්‍රහය (විදර්ශන ප්‍රකාශන)

වසරේ විශිෂ්ටතම ගේය කාව්‍ය සංග්‍රහය : සුනෙත් රූපසිංහ විසින් රචිත ‘පුදසුනක නිසල බව’ කෘතිය. (කර්තෘ ප්‍රකාශන)

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය : ගිනිකටුවැවේ විපුල හිමි විසින් රචිත සිංහල අක්ෂර වින්‍යාසය (අර්බුද, ප්‍රවාද සහ යෝජනා) (සමයවර්ධන පබ්ලිෂර්ස් (පීවීටී) එල්ටීඩී)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්