ශ්‍රී ලංකාවේ රොක් ගීත ක්ෂේත්‍රයේ ප්‍රකට ගායකයකු වන ජිනිඳු ප්‍රවීන් හෙවත් ජින්නා ඔහුගේ නවතම ගීත නිර්මාණය 'ඇපල ගහ යට' නමින් Youtube අවකාශයට මුදා හැර ඇත.
මෙම ගීතය මංජුල වෙඩිවර්ධනගේ රචනයක් වන අතර එහි තනුව සහ සංගීතය නිර්මාණය ජින්නා විසින්ම සිදු කරනු ලැබ තිබේ.
ඔහු මෙම නිර්මාණය ගැන leader.lk වෙබ් අඩවියට ප්‍රකාශ කළේ "මංජුල සහෝදරයා මට මේ ලබාදෙනකොට කිව්වා, කොල්ලො මේක වෙන විදිහක වචන ටිකක්, ඒ හින්ද වෙනම මෙලඩියක් ට්‍රයි කරපං කියලා. මං ඒ අභියෝගය බාරගත්තා. ලස්සන නිර්මාණයක් මගේ සහෘදයන් අතරට ගෙනියන්න මට පුළුවන් වුණා" යනුවෙනි.
තාල වාද්‍ය භාණ්ඩ රහිත "ඇපල ගහයට" ගීත නිර්මාණයට සමීර උදයංග ගිටාර් වාදනයෙන් දායක වී ඇති අතර, වලීනයෙන් විහඟ සුසංගිත් ද ශබ්ද සංකලනයෙන් මෙන්ම පියානෝ වාදනයෙන් ගයාන් මදුශංක ද දායක වී ඇත.
එරංග ජයවර්ධන විසින් පද රචනා කර සංගීත නිර්මාණය කළ 'වසන්තේ ' යන ගීතයෙන් සංගීත ක්ෂේත්‍රයට පිවිසි ජින්නා මෙතෙක් නිර්මාණය කළ ගීත මෙන්ම ඔහුගේ සජීවී ගායනා Jinna නමින් වන youtube අවකාශයේ තිබේ.
දකුණේ මහජන නැගිටීම අරභයා මංජුල වෙඩිවර්ධන විසින් ජින්නා වෙනුවෙන්ම ලියන ලද "ඇහැරෙනවද යාළුවේ" සහ "ගෙහන්නාවේ" ගීත දෙකද ඔහුගේ යූටියුබ් අවකාශය ඔස්සේ රස විඳින්නට පුළුවන.
ඇපල ගහයට
අපල කාළය දැන් ඉතින් ඉවරයි
අලුත් පල වැල නෙලාගෙන මම ආවා
නිඳ බිඳලන සුන්දරම ඵල මේවා
එන්න තුරුලට එන්න තුරුලට ඊවා
අත්තිකා කොළ ගෙත්තමට අරගෙන
හංගගත්තම ස්වර්ගයේ හිණිපෙත
ලස්සනයි ඔබ සුන්දරයි ඔබ ඊවා
රිද්දවනකොට දුක් ම දී හද ගාවා
අත්හරින්නද කොහොම ඔය අත ඊවා
දශ්ඨ කෙරුවම සර්ප වෙස් අරගෙන
ඇස් අරින්නද ඇස් වහන්නද මම
තුරුල්ලට විත් කියන්නෙද මට ඊවා
අන්ධඅඳුරට ඇස් තියෙනකොට හාවා
චන්ද්‍රමඬලට නමක දෙමු අපි ඊවා
Audio
Artist | Jinidu Praveen (Jinna)
Lyrics | Manjula Wediwardena
Melody & Music | Jinidu Praveen (Jinna)
Acoustic & Electric Guitars | Sameera Udayanga
Violine | Vihanga Susangeeth Jayasinghe
Kyes | Compose | Mix & Master | Gayan M Shanka at Maxi-Records
Video
Video Concept & Direction | Danushka Wijesooriya
Director Of Photography | Chathuranga Ekanayake
Cast | Danushka Wijesooriya | Jinna & Geetha Alahakoon
Makeup | Shashinika Senadeera
Artwork | Edit & Colorist | Kanishka Maduranga @ SLAISH
English Translation | Dilini Eriyawala
Special Thanks | Pathmakumara Jayasundara
| Viraj Kalinga







