leader s

යටත්විජිත යුගයේ උඩරට, පහතරට කාන්තාවන් ගේ අප්‍රතිහත ධෛර්යයේ හා කාර්යසාධනයේ කතාවක් වන ඉන්ද්‍රාණි මීගම විසින් රචිත 'මිටිසහල් රසයෙන් විකසිත මහාමායාව - බෞද්ධ කාන්තාවන් සහ මහාමායා විදුහලේ පුරා වෘත්තය' නමැති කෘතිය පිළිබඳ කතා බහක් සැප්තැම්බර් 15වන දින පෙරවරු 8ට මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ දී පැවැත් වේ.

 

'මිටිසහල් රසයෙන් විකසිත මහාමායාව' හුදු පාසලක කාතාවක් නොවේ. එය, සිංහල බෞද්ධ සභ්‍යත්වයෙහි කාන්තාවන්ට හිමි ව තිබූ ස්වාධීනත්වය හා අයිතිවාසිකම්, යටත්විජිත සමාජය ඔවුන් වෙත ගෙන ආ පසුගාමීත්වය, තම හර පද්ධතියන් පාවා නොදෙමින් දියණිවරුනට නූතන අධ්‍යාපනයක් ලබාදීමට කළ අධිෂ්ඨාන සහගත අරගලය, සරා සොයිසා, චිත්‍රාවෝ රත්වත්ත, බර්තා අයිරීන් රොජර්ස්, සෝමා කුමාරණතුංග ගුණවර්ධන - පරමාදර්ශී කාන්තා චරිත, මේ සියල්ල කැටි කරගත් අපූරු කෘතියකි; ගැඹුරු පර්යේෂණ කාර්යසාධනයක ආශ්වාදනීය ප්‍රතිඵලයකි. අනගාරික ධර්මපාලතුමා, ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, පී. ද ඇස්. කුලරත්න, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, රාජනීතිඥ බෙනට් සොයිසා, එන්. ඊ. වීරසූරිය ආදී ප්‍රකට චරිත රැසක් අපට මේ කෘතියේ දී සජීවී ව හමුවෙති.

mh 7890
මහනුවර මහාමායා විදුහලේ පුරාවෘත්තය මෙහි කතුවරිය වන ඉන්ද්‍රාණි මීගම විසින් රචනා කෙරී ඇත්තේ අප රටේ සියවසක අධ්‍යාපන පුරාවෘත්තය නැමැති පුළුල් සන්දර්භයෙහි ය. මෙහි එන මූලාශ්‍ර අප රටේ අධ්‍යාපනයේ විකාශනය පිළිබඳ කෙරෙන කවර හෝ අධ්‍යයනයකට අතිශයෙන් ම ප්‍රයෝජනවත් වනු ඇත.

මේ කෘතිය සම්බන්ධයෙන් ප්‍රකට ඉතිහාසඥවරියක සහ අධ්‍යාපනඥවරියක වන ආචාර්ය ලෝනා දේවරාජා මෙසේ කරුණු දක්වා ඇත: "ඇය ගේ කෘතිය වූ කලී බෞද්ධ කාන්තා අධ්‍යාපනයේ මූලාශ්‍රයන් සොයා යන විමර්ශනයක් පමණක් නො ව කාන්තා බලයේ ඉතිහාසයක් ද වේ."

අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වූ එරික් ජේ. ද සිල්වා මෙඳු අදහසක් දක්වා ඇත.

v5u67u6767mh
 "යටත්විජිත අධ්‍යාපන පද්ධතිය මේ රටේ අතිවිශාල බහුතරයකට කොතරම් අනර්ථකාරී වී දැ යි ද, වරප්‍රසාද ලත් සුළුතරය සමග සම තත්ත්වයකට එළැඹීම පිණිස ඔවුනට විඳිනට සිදු වූ දුෂ්කරතා සහ දුක්ගැහැට කෙබඳු දැ යි ද, දැනගැනීම සඳහා මෙම කෘතිය පරීශීලනය කිරීම අනිවාර්ය ය."

අප ගේ අධ්‍යාපනය විෂයයෙහි කෙරිය යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා කෙරෙන අවස්ථාවක, මේ අතිශයෙන් ම වැදගත්, හරවත් මැදිහත්වීමකි.

මෙම කෘතිය විසිදුනු ප්‍රකාශනයකි. 80 gsm කඩදාසියේ ඓතිහාසික ඡායාරූප රැසක් සමඟ මුද්‍රණය කෙරී ඇත; ඝන කවරයකි. මිල: රු. 1,950කි.

 

mh1

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්