leader s

සම්මාන ලාභී ලේඛිකාවක වන දමයන්ති අඹේපිටිය විසින් රචිත නවතම යොවුන් නවකතාව "සොෆී" මේ වන විට මුද්‍රණ ද්වාරයෙන් නිකුත් වී තිබේ.

මෙම කෘතියට පාදක වී තිබෙන්නේ දරුවන් නිවසේ හුදකලා වීම, සහ දෙමව්පියන්ගේ අධික කාර්ය බහුල බව හේතුවෙන් ඔවුනට දරුවන් මගහැරෙන ආකාරය පිළිබඳව ළමයකුගේ සිතුවිලි ක්‍රියාත්මක වන ආකාරය යි.

sashai mamai

කතුවරිය විසින් 2024 වසරේ රචිත ''සාෂයි මමයි" නමැති යොවුන් කෘතිය රජත පුස්තක අවසන් වටයට නම් කර තිබිණි. එම කෘතිය ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන් මුහුණපාන ගැටලු පිළිබඳව ලියවුණු ප්‍රහර්ෂණාත්මක යොවුන් නවකතාවකි.

 

yakada doli

ලේඛිකාව මීට පෙර ''යකඩ දෝළි'' යන මැයෙන් ද ‌ඓතිහාසික නවකතාවක් රචනා කළා ය. එය ඇගේ පළමු කෘතියයි.

 

mitiyawatha

මීට අමතරව ''ගිම් නිවූ මිටියාවත'' යන මැයෙන් ද කතුවරිය නවකතාවක් රචනා කර ඇත.

 

sofiii

 
 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්