ප්‍රියංවදා ගොඩගේ විසින් රචිත ''මම තවම ගඟ ළඟ'' නමැති කාව්‍ය සංග්‍රහය එළඹෙන 16වන දින සවස 03.00ට කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතෙහි පිහිටි මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගත කෙරේ.
මෙදින පැවැත්වෙන ප්‍රධාන දෙසුම ප්‍රවීණ සාහිත්‍යවේදි චූලානන්ද සමරනායකගෙනි.
කෙටි දෙසුම සාහිත්‍යවේදිනී ප්‍රගීතිකා ජයසේකරගෙනි.
සහෘද ආමන්ත්‍රණ සාහිත්‍යවේදිනී අනුරාධා නිල්මිණි සහ කථිකාචාර්ය රසික ප්‍රසංග බණ්ඩාර වෙතිනි.
සභාව මෙහෙයවනු ලබන්නේ සංජය වික්‍රමආරච්චි විසිනි.
මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කතුවරිය ආරාධනා කරන්නී ය...!








