චින්තන මේ පාර ලූනා කතාව ලියලා තියෙන්නෙ ශේන්‍යා ෆර්නැන්ඩස් කියල තවත් ලේඛිකාවක් එක්ක.
කවුද මේ ශේන්‍යා?
ඒ ගැන චින්තා එයාගේ ෆේස්බුක් එකේ මෙහෙම සටහනක් පළකර තියනවා.
''ශේන්‍යා ෆර්නැන්ඩස් ඉන්නෙ ඇමරිකාවෙ. මට එයාව මුනගැහුනෙ ෆැකල්ටි ඔෆ් සෙක්ස් පේජ් එක කරන කාලෙදි. එයා ඒ පේජ් එකේ කතා ලිව්වා.
ඊට පස්සෙ අපි එකට මේ කතාව ලියන්න තීරණය කළා. ඒක හරි ලස්සන අත්දැකීමක්. මං ඇත්තටම හරි ආසයි විවෘතව තමන්ගෙ හැගීම් අකුරු කරන්න පුළුවන් ගැහැණුන්ගෙ ලියවිලි උඩ මගේ හැගීම් සහ ෆැන්ටසි අතුරන්න. ඒක හරිම සෞන්දර්යාත්මක රමණයක් වගේ දෙයක්.
ශේන්‍යා කැමති නෑ එකපාර ලොකු පිරිසක් අතරට යන්න. අප්‍රසිද්ධව සිටීම එයාගෙ තීරණයක්. ඒ හින්ද මේ පොත ගැන කතා කරන්න වෙන්නෙ මට. ඒත් එයා ලූනා වෙනුවෙන් ගායනා කරපු සිංදුව හැමෝටම අහන්න පුළුවන්.''
ලූනා එළිදකී - පොතේ පිදුම සන්නාට
මේ ඒ සම්බන්ධයෙන් Chinthana Dharmadasa සිය ෆේස්බුක් එකේ පළකර තිබු සටහනක් මතු පළවේ.
''ලූනා පොතේ එලිදැක්වීම තිබුනෙ ඊයෙ. තැප්‍රොබේන් එකේදි. ඒක පුද්ගලික එලිදැක්වීමක්. සන්නයි Upul Sannasgala මායි තැප්‍රොබේන් එකේ කට්ටියයි විතරයි. අහම්බෙන් අපේ කොඩියාත් Priyantha Kodippili ඇවිත් හිටියා.
පොතේ පිදුම තිබුනෙ සන්නාට. ඒ පිදුම එහෙම වෙන්න හේතුව මං සිංහල භාෂාවෙ ශෘංගාරය හොයන හැටි ඉගෙන ගත්තෙ සන්නාගෙ සිංහලවලින් හින්ද. ලූනා එක්ක ශෘංගාරය සමරන්න wet-pussy බෝතලයකුත් අරන් ගියා.
කාලෙකට පස්සෙ සන්නා එක්ක දිග කතාබහක් කළා. රතු වයින් බිබී, මිදි කකා හිනාවෙවී කරපු කතා සාදයක් ඒක. ඊට පස්සෙ අවුරුද්දක් යනකල් මතක් කර කර රස විඳින තැප්‍රොබේන් කෑම ටිකකුත් කෑවා. චෙරි වගේ පුංචි තරු මිරිස් කොටපු සම්බෝලෙ ශෘංගාරෙ තාම විඳිනවා.
ලූනා කියන්නෙ එහෙම ඉන්ටිමේට් පොතක්. රසම සබඳතා ගැන ළගම දැනෙන හැගීම් වියමනක්. ඒ පොත එක්ක ගතවුනු සන්නාමය රාත්‍රිය කියන්නෙ හිතේ කොටපු සැමරුමක්.







