ගොඩගේ පොත් ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරනු ලබන ගොඩගේ ජාතික සාහිත්‍ය සම්මාන (2025) උලෙළ ඊයේ(14) පදනම් ආයතනයේ දී පැවැත්විණි.
එහි දී සාහිත්‍ය විෂයය නවයක් සඳහා සම්මාන ලබා දුන්නේ ය.
මතු පළ වන්නේ එම කෘතිය, ලේඛකයා/ ලේඛිකාව සහ අදාළ විෂය යි.
සම්මානිත නවකතාව: සඳගමන - එරික් ඉලයප්පාරච්චි
සම්මානිත කෙටිකතාව: තුණ්ඩු ලියන්නා - සේපාලී මායාදුන්නේ
සම්මානිත පරිවර්තන කෘතිය: අව්‍යාජත්වයේ දේශපාලනය සහ ආලංකාරිකය - මහාචාර්ය ලියනගේ අමරකීර්ති
සම්මානිත කාව්‍ය කෘතිය: මේ වැහුණු දොර ජනෙල් කොතරම් ශෝකජනකද? - තරින්ද්‍ර ගලහේන
සම්මානිත යොවුන් නවකතාව: නිමවිය අමාවක - සාගර සිරිසූරිය
සම්මානිත තීරුලිපි සංග්‍රහය: බල්සාක් කැෆේ - මංජුල වෙඩිවර්ධන
සම්මානිත ළමා කෘතිය: ලොවි හිනාව - සංජය වික්‍රමාරච්චි
සම්මානිත ශ්‍රාස්ත්‍රීය කෘතිය (සම සම්මාන): සිංහල අක්ෂර වින්‍යාසය - ගිනිකටුවැවේ විපුල හිමි
භාෂා ජාතිකවාදය පිළිබඳ විමර්ශන - කේ. එන්. ඕ. ධර්මදාස
සම්මානිත නාට්‍යය කෘතිය: නාට්‍ය අධ්‍යක්ෂණය හා රංග කාර්යාකාර්ය - විජිත ගුණරත්න







