leader s

සුන්දර නිහතමානි ද මැල් ලියන "මානි⁣ගෙ තීරුව" ශ්‍රී ලංකාවේ වැඩිම කාලයක් ලියවී ඇති සිංහල පුවත්පත් තීරුවයි.


1989දී "දිවයින ඉරිදා සංග්‍රහයෙන්" ඇරඹුණු එය 1994දී "ලක්බිම ඉරිදා සංග්‍රහයට"ද 2019දී "සතිඅග අරුණට"ද මාරු විය. අද වන විට එය අවුරුදු තිස්හයක් තිස්සේ ලියවී තිබේ.

වසර 2018 සිට 2025 දක්වා ලියවුණු තීරු අසූවක් ඇතුළත් "මානිගෙ තීරුව NOT OUT 36 " සැප්තැම්බර් 29 වැනි සඳුදා සවස 3.30ට BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී සරසවි ප්‍රකාශනයක් ලෙස එළි දැක්වෙයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මෙහිදී මානිගෙ තීරුව ගැන දේශන පවත්වති. සභාව මෙහෙයවීම සමන් අතාවුදහෙට්ටි.  

පොත එළිදැක්වීමේ උත්සවය සවස 4.30ට අවසන් වේ. මේ ඒ අවස්ථාවට සහභාගි ⁣වන ලෙස ඔබට කෙරෙන ආරාධනයයි.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්