හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, බලය අතහැර නික්මයෑම සමඟ එවකට ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයේ මූලික හේතුන් පදනම් කරගෙන ගුණසේන කේ. හැන්නැදි විසින් රචිත " '76 වසරක සාපය සහ අරගලය" නමින් වු කෘතියක් එළි දැක්වීම පසුගිය දා සිදුකැරණි.
ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය ප්‍රාදේශීය සංවර්ධන අංශ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන හැන්නැදි දැනට ඇමරිකාවේ පදිංචි සිටියි.
කොළඹ විශ්ව විද්‍යාලයේ B. A. උපාධියත්, එංගලන්තයේ University of Wales Swansea හි ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ ඔහු, ජර්මානු ෆෙඩරල් ජනරජයෙන් සංවර්ධන ප්‍රතිපත්ති හා සැළසුම්කරණය පිළිබඳ උපාධි ඩිප්ලෝමාව ලබා ගෙන ඇත.
“76 වසරක සාපය සහ අරගලය” ගෝඨාභයට කියවන්න දෙයි
ගුණසේන කේ. හැන්නැදි විසින් රචිත 76 වසරක සාපය සහ අරගලය කෘතිය ගෝඨාභය රාජපක්ෂ හට පිළිගැන්වීම පසුගිය දා (සැප්තැම්බර් 13) ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී සිදු කෙරිණි.
ශ්‍රී ලංකාවේ සිදු වූ දේශපාලන හා ආර්ථික ව්‍යවසනයන්ගේ මුල් හේතුන් සෙවිමේ අධ්‍යනයයක නියැළිමෙන් රැස් කරගත් කරුණු පෙළ ගස්වා ග්‍රන්ථයක් ලෙසින් එළිදැක්වූ බව ගුණසේන කේ. හැන්නැදි කීය.
මෙම කෘතියට ඇතුලත් කර ඇති කරුණු ගැන අදහස් දැක්වූ ඔහු, බටහිර ජාතීන් ආසියාවට පැමිණීම, ලංකාවට පෘතුගීසීන්ගේ පැමිණීම, උඩරට රාජධානිය නානායක්කාර වංශයට නතුවීම පටන් වර්තමානයේ සිදු වු සිද්ධි කරුණු ලෙස දක්වමින් සටහන් කොට ඇතැයි ද පැවසිය.
ග්‍රන්ථය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම හා කෙටි උත්සව සභාවක් කෝට්ටේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ගුණසේන කේ. හැන්නැදි ගේ හිතවතුන් සහ මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

(සටහන | ජේ. මුණසිංහ)







