leader s

මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වුණේ අමිල කරුණානායකයි.

මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන “විසේකාරී” ටෙලි නිර්මාණයේ අමිල විසින් නිරූපණය කරන “චේතිය” ගේ චරිතය නිසා ඔහු ප්‍රේක්ෂකයන් අතර අතිශයින් ජනප්‍රියයි.

පාසල් කාලයේ මලල ක්‍රීඩකයෙක් විදිහට ඉස්සරහට යන්න සිහින දැකපු ඔහු කලා ක්ෂේත්‍රයට එක්වෙන්නේ නිරූපණ ශිල්පියෙක් විදිහටයි. ඒ සමගම තමයි ඔහුට රංගනයට පිවිසෙන්නටත් අවස්ථාව විවර වෙන්නේ.
මේ වෙනකොට ටෙලි නිර්මාණ වලට වගේම සිනමා නිර්මාණ රැසකටත් අමිල රංගනයෙන් දායක වෙලා තිබෙනවා.
 
 
 
ඒ අතර “කබඩි”, “රූපාන්තරණ”, “පෝරිසාදයා”.. වැනි තවත් සිනමා නිර්මාණ රැසක් දැකගන්න පුළුවන්.
ඒ වගේම දැන් ඔහු වේදිකා නාට්‍ය රංගනයටත් පිවිසිලා තියෙනවා. ඒ බන්දුල විතානගේ නාට්‍ය නිර්මාණයක් වූ “සෙනෙහෙබර ඩොලී” නාට්‍යයේ නව නිෂ්පාදනයක් ලෙස නාලක විතානගේ අධ්‍යක්ෂණය කරන නාට්‍ය නිර්මාණය හරහායි. 

ඉතින්, මෙවර 'Mirror Arts' කතා බහේදි ඔහු සිය රංගන දිවියේ වගේම සිය ජීවන ගමනේ බොහෝ අත්දැකීම් බෙදා හදා ගත්තා.
 
amila
මේ සාකච්ඡාව පුරාම ඔහු බොහෝම විශ්වාසයෙන් වගේම අවංකව අදහස් පළ කළ බව දැක ගත හැකි වූ බවත් කිව යුතුයි. 

අමිල කරුණානායක සමග ගෙවුණු මේ රසවත් කතාබහ දැන් ඔබට ‘Mirror Arts’ යූ ටියුබ් නාළිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

සාකච්ඡාව මෙහෙයවූයේ මනෝහාරි හේවාවසම් විසින්.

පහතින් දක්වා තිබෙන්නේ කතාබහේ සම්පූර්ණ වීඩියෝවයි.
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්