අශෝක කුලතුංග කවියා සහ විචාරකයා විසින් රචිත, කළුතර දිස්ත්‍රික් ලේඛක සංවිධානය විසින් පවත්වන ලද පන්හිඳක අසිරිය සම්මාන උලෙළ 2024 හොඳ ම විවිධ විෂයීය කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වූ, ''අගස්'' නමැති කාව්‍ය විචාර කෘතිය එළඹෙන 22වන දා සවස 2.30ට කොළඹ 07, නිදහස් මාවතෙහි පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී සම්මානිත කිවියර වසන්ත ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ උසස් පෙළ සිංහලාචාර්ය සුජීව සිරිමෙවන් යන දෙපළ දේශන පැවැත්වීමට නියමිත ය.
එම අවස්ථාවට සහභාගි වන්නැයි කතුවර අශෝක කුලතුංග ආරාධනා කරයි...!







