leader s

"අපි පුංචි කාලේ කඩදාසි බෝට්ටු හදලා වහින වෙලාවට වතුරේ පා කර හැරියා. ඒවා ටික දුරයි ගියේ. වැහි බිඳු වලින් තෙත බරිත වෙලා ගිලී ගියා. ඇළක, දොළක, ගංගාවක පා කළ කඩදාසි බෝට්ටු සෑහෙන දුරක් ගියා. සමහර වෙලාවට අපි හිතුවා ඒවා මුහුදටම යාවි කියලා. ඒ පුංචි කාලේ."

රසික ජයකොඩි ලේඛකයා විසින් රචිත "Gypsy Heart" නව කතාව කියවන විට අපට කඩදාසි බෝට්ටුවක් වගේම නැංගුරමක් සහිත රුවල් නැවක් ද හමුවෙනවා. ජීවිතය කඩදාසි බෝට්ටුවක් හෝ රුවල් නැවක් කරගන්නෙත් අපේ හිතයි; අප හිතන ආකාරය යි. ලෝකය ඉදිරියට ගියේ, ශිෂ්ටාචාර සොයා ගත්තේ, පවතින්නේ කඩදාසි පා කළ මිනිසුන් නිසා නොවෙයි .ශක්තිමත් කුඹ ගස් යොදලා, නැංගුරම් යොදලා ලොව වටා කරක් ගැසූ මිනිසුන් නිසා.

gypsy t

 

ඔහු මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් මෙන්ම දේශකයෙක්. ඇය උසස් අධ්‍යාපනය ලැබීමට කැමති වෛද්‍යවරියක්. ස්ථාවර මනෝ භාවයක් ගොඩනගා ගැනීමට නොහැකිව, ස්ථිර තීරණයක් ගැනීමට නොහැකිව අතරමං වන ජිවිතවලට මේ පිරිමි චරිතය හොඳම නිදසුක්. කුඩා කළ සිටම දන්නා හඳුනන මිහිකා හමුවූ විට ද, ඇයට විවහා යෝජනාවක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ඇති විට ද ඔහු සිතන්නේ "මම අසම්ප්‍රදායික කඩතොළු වෙච්ච මිනිහෙක්. ඔයා වාත්තු කරපු  කිසිම ඇද පලුද්දක් නෑ වගේ පිටට පෙනෙන, පිරිමි ආත්මවලින් බැට කාපු  ගෑනියක්. කොරයි අන්ධයයි වගේ. කොරාට පාර පේනවා. ඇවිදින්න බෑ. අන්ධයාට ඇවිදින්න පුළුවන්... ඒත් පාර පෙන්නේ නැහැ."

මේ පොතේ කථානායකයා, තමා ආදරය කරන තරුණියට ආදරය ගැන කියන පෙරවදනයි. ඔහුගේ මානසික අස්ථාවරභාවය මෙයින් තිව්‍ර වේ. ඔහු ඇයට ආදරය කිරීමට බලාපොරොත්තු වන්නේ යා යුතු ජිවිත ගමන යෑමට මිස ආදරයෙන් ජීවත් වීමට නොවේ. ඇය මේ තත්වය හොඳින් අවබෝ කරගන්නී ය.

"කාලෙන් කාලෙට ජිවිතයේ ඇතිවුණ සම්බන්ධතා කැඩිලා බිඳිලා ගියා. ආදරය කරපු ජීවිතය බෙදා ගත් ගැහැනුන් වෙන් වෙන් වෙලා ගියා. කාලෙන් කාලෙට කරපු රස්සා අත් හැරියා. හෙවණැල්ල වගේ ඉඳියි කියලා හිතපු මිනිස්සු කාලයත් එක්ක වෙනස් වුණා. ඒත් අර අහිකුණ්ඨිකයා විතරක් මාව දාලා ගියේ නැහැ."

මෙම වැකි කිහිපයෙන් කථකයාගේ ජිවිතයේ හරස්කඩ පෙන්නුම් කරන සන්ධිස්ඨාන කියන දේ කියවගෙන යද්දී පාඨකයින්ට තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම කතාවේ සාරාංශයක්.

gkyk7889678567474
මුදල් යහමින් ලැබුනු කාලයක වුවත්, කසාදයක් බැඳගෙන, ගෙයක් දොරක්  හදාගෙන, දරු මල්ලෙක් හදාගෙන ජීවත් වීමට වඩා වැව්‍ ඉවුරක කුඹුක් ගහක අට්ටාලයක, කල්පිටියේ දුපතක වැලිතලාවක, කොත්මලේ සීතල මැටි පැලක වරින්වර ජීවත් වෙන්න ඔහු ආසා කළා. නමුත් හැමදාට ම නොවෙයි.

(පිටු අංක 15)

වලාකුළු මෙන් සුළඟ හමන දිසාවට පාවී යන මෙවැනි ජීවිත පෙරට වඩා වත්මන් සමාජයේ බහුල වෙමින් පවතිනවා. නමුත් සමහර චරිත නිශ්චිත රේඛිය මාර්ගයක් ඔස්සේ ගමන් කරන ස්ථාවර බවක් පෙන්නුම් කරනවා. ආදරය,කරුණාව ජීවිතයට අවශ්‍ය මානසික අවශ්‍යතාවයකි.

ඔහුගේ මානසික වාතාවරණයට අනුව ආදරය ලැබුන ද, දිගටම පවත්වාගෙන යෑමට ලැබෙයි ද යන්න හැමවිටක ම ඔහුගේ සිතට නැගුන ගැටලුවකි. පසුව... එවැනි සිතුවිල්ලක් ඇතිවීම පිළිබඳව පවා ඔහු දුක් වෙයි.

කථා නායකයාගේ නම සඳහන් නොවන අතර සත්‍ය වශයෙන් ම කතාව අරඹන්නේ ඔහු මාධ්‍යවේදියෙක් ලෙස සේවයට බැඳෙන අවස්ථාවේ සිට ය. ඔහුගේ පවුල් පසුබිම පිළිබඳව සඳහනක් තිබුනේ නම්, මෙවැනි අස්ථාවර පුද්ගලයකු බිහිවීමට හේතුව පාඨකයාට තවත් පැහැදිලි කර ගත හැකි ය.

 

ly8978967

කෘතියේ මාතෘකාවෙන්ම පෙනී යන්නේ කවියාගේ නිදහස්කාමී, සංචාරයට සහ විවිධ අත්දැකීම්වලට ළැදි හදවතයි. Gypsy යන වචනය සංචාරය කරන, එක තැනක නොරැඳෙන, නිදහස් ජීවිතයක් ගත කරන මිනිසුන් හැඳින්වීමට යොදාගන්නා වචනයකි. මෙම කෘතියේ ප්‍රධාන තේමාවන් අතරට මිනිස් සබඳතා, සොබාදහමේ සුන්දරත්වය, ආදරය, ජීවිතයේ වෙනස්වීම් සහ සොබාදහම සහ මිනිසා අතර ඇති බැඳීම යනාදි දේවල් ඇතුළත් වන බව පැහැදිලි ය.

රසික ජයකොඩි ලේඛකයාහේ අහිකුණ්ක හදවත නොහොත් Gypsy heart පාඨකයාට නවමු අත්දැකීමක් ලබා දෙන, ලේඛන කලාවේ වෙනසක් දැකිය හැකි මනෝ විද්‍යාත්මක විග්‍රහයකි. සෑම පිටුවක ම අන්තර්ගත වුන අපූරු යෙදුම් පාඨක විඥානය අවදි කරවන දෙතුන් වරක් සිතා බැලිය යුතු තත්ත්වයකට පාඨක මනස ගෙන යන රසවත් යෙදුම් වීම ද මෙම කෘතියෙහි දක්නට ලැබෙන විශේෂත්වයකි.

IMG 20230429 WA0022(සටහන | නිලක්ෂි බණ්ඩාර)
නිදහස් ලේඛිකා
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්