leader s

පසුගිය 14 වැනිදා බටහිර බෙංගාලයේ කල්කටාහි පැවැත්වුනු ස්වාමි විවේකානන්ද ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙළෙහිදී එහි තරඟකාරී අංශයෙන් සම්මාන තුනක් දිනා ගැනීමට ශ්‍රී ලාංකේය චිත්‍රපටයක්  සමත්වී තිබෙනවා.

 
හොඳම වෘතාන්ත චිත්‍රපටය, හොඳම කතාව හා තිර රචනය සඳහා නදී වාසලමුදලිආරච්චි ස්වාමි විවේකානන්ද ජාත්‍යන්තර සම්මාන උළෙළෙ නියෝජනය කරමින් එහිදී අන්තර්ජාතික සම්මාන ද්විත්වයක් දිනා ගන්නා ලද අතර හොඳම කැමරාකරණය උදෙසා රිෂී සෙල්වම් පැන්ට්‍රම් චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍රවීම මෙහිදී කැපී පෙණුනා.
 
එතෙක් මෙතෙක් ඉන්දියාවේ පැවැති සම්මාන උළෙලකදී එකම චිත්‍රපටය සම්මාන තුනක් දිනාගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එක් අයෙකු විසින් ජාත්‍යන්තර සමාන දෙකක් එකවර හිමිකරගත් ප්‍රථම අවස්ථාව ද මෙය වන බවයි වාර්තා වන්නේ.
550660962 1740207977367774 6126030043137746972 n
 
එමෙන්ම එක් අයෙකු විසින් අන්තර්ජාතික සම්මාන දෙකක් එකම චිත්‍රපටයක් සඳහා එකම උළෙළේදී ලද ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය සැලකිය හැකිය.

පැන්ට්‍රම් චිත්‍රපටය අයිඩා ප්‍රඩක්ෂන්ස් නිශ්පාදනයක් වන අතර සම්පත් ගුණවර්ධන හා උදාර පල්ලියගුරු සම නිශ්පාදනයක්.

හේමසිරි ලියනගේ, අනසූයා සුබසිංහ, මයුර පෙරේරා, තිලක්ෂන් තර්මිකන්, අක්දෙව් ලියනගේ, දිලීපන් මෙහි ප්‍රධන චරිත රඟදක්වන අතර කැමරාකරණය රිෂී සෙල්වම් විසින්.
 
සැප්තැම්බර් 11 වැනිදා සිට 14 වැනිදා දක්වා බරහිර බෙංගාලයේ කොල්කටාහි පැවැත්වුනු මෙම සිනමා උළෙල නියෝජනය කළ එකම ශ්‍රී ලාංකික චිත්‍රපටය වන අතර උළෙලේ සමාරම්භක දිනයේ ලෝක පූජිත සම්මානීය බෙංගාල චිත්‍රපට අධ්‍යක්ෂක ගවුතම් ගෝශ්, ප්‍රධාන ආරාධිතයන් අතර බංග්ලාදේශයේ ආචර්‍ය නුරාන් නභි, චිත්‍රපට නිශ්පාදක හා අධ්‍යක්ෂක අන්ජන් භාසු, මහාචාර්ය බසූදා භිශ්වා, මහාචාර්ය සුමන්ත බද්ද්‍යෝපාද්‍ය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල විරිසක් උළෙල වර්ණවත් කිරීමට එක්ව තිබූ බව වාර්තා වනවා.
550262280 1740203260701579 6867740911161994100 n
 
සිංහල, දෙමළ ද්විභාෂික චිත්‍රපටයක් වන මෙහි පශ්චාත් යුධ සමයේ මානව සබඳතා වල අර්තය සොයා යන පිය පුතු දෙපළකගේ කතාවක් ඇතුළත්.

මෙම උළෙළේදී ප්‍රැන්ත්‍රම් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හොදම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන හිමි කරගන්නා රිෂී සෙල්වම් කොරියාවේ ආසියානු චිත්‍රපට ඇකඩමියේ අධ්‍යාපනය හදරා ඇති අයෙක්. විසාකේස චන්ද්‍රසේකරම් ගේ මනල් චිත්‍රපටයෙන් ඔහු වෘතාන්ත චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණයට පිවිසෙන රිෂී සෙල්වම්ගේ දෙවන වෘතාන්ත චිත්‍රපටය වන පැන්ත්‍රම් සඳහා තම ප්‍රථම සම්මානය දිනාගනු ලබනවා.
 
මෙම වසරේ මැයි මස 09 වැනිදා කේරළයේ පැවති Independent Experimental Film Festival of Kerala ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා තේරී පත්වූ අනෙකුත් රටවල් 6ක චිත්‍රපට සමගින් ලෝක සිනමා අංශය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදී වාසලමුදලිආරච්චි අධ්‍යක්ෂණය කරන ලද පැන්ත්‍රම් චිත්‍රපටය ප්‍රථම වරට සිය ලෝක දැක්ම (World premiere) සිදු කරන ලදි. එහිදී විශාල මාධ්‍ය, ප්‍රේක්ෂක, විචාරක අවධානයට ලක් වූ මෙය පැන්ත්‍රම් චිත්‍රපටය නියෝජනය කළ දෙවන ජාත්‍යන්තර චිත්‍රපට උළෙලයි මෙයයි. පැන්ත්‍රම් චිත්‍රපටය නියෝජනය කළ දෙවන චිත්‍රපට උළෙළින් සම්මාන ත්‍රිත්වයක් දිනා ගනිමින් වාර්තාවක් තැබීමට සම්ත්වීම විශේෂත්වක්.
 
 
නිවේදිකාවක, මාධ්‍යවේදිනියක හා ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රථම වතාව මෙය වන අතර පැන්ත්‍රම් ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටයේ රූගත කිරීම් ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ සිදුකර ඇති අතර එය කලාත්මක සිනමා ශානරයට අයත් චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

මෙම චිත්‍රපටය නුදිරේදීම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට මුදා හැරීමට බලාපොරොත්තු වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වන නදී වාසලමුදලිආරච්චි පවසනවා.

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්