ප්‍රකට ග්‍රන්ථ පරිවර්ථක ස්වදේශික ග්‍රන්ථ කතුවර සේනාරත්න වීරසිංහයන් විසින් රචිත කෘති තුනක් දොරට වැඩීම
මෙම මස 28 වැනිදා සවස 4.00ට බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
එම අවස්ථාවේදී පළමු කෘතිය ඉන්දියන් සංස්කෘතික කාර්යාලයේ අධ්‍යක්ෂ අංකුර් දත්තා වෙත පිළිගැන්වීම සිදු කෙරේ.
මහා සාහිත්‍යවේදී රවීන්ද්‍රනාත් තාගෝර් ශූරීන් ලියූ කෘති දෙකක් සේනාරත්න වීරසිංහයන් වෙතින් චාරුලතා සහ නිවස සහ ලෝකය නමින් ද චූල බුද්ධ නමින් තවත් ජර්මානු නවකථාවක් ද සිංහලට එක් කොට ඇත.
මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දරයන් ද, කැලණිය විශ්ව විද්‍යාලයේ ජර්මානු භාෂා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරීනි අශානි ශාලිකා රණසිංහ හා ශ්‍රී ලංකා පොත් ප්‍රදර්ශකයන්ගේ සංගමයේ සභාපති දිනේෂ් කුලතුංග ද, දේශනයන් පැවැත්වීමට නියමිතය.
මේ උත්සව අවස්ථාව මෙහෙයවනු ලබන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි විසිනි.
(සටහන | ජේ.මුණසිංහ)








