leader s

'මාගම් සෝලිය', 'ලොවීනා', 'ආදරණීය වික්ටෝරියා', 'කලම්බෝ', 'අයි ඩී' , 'නිල්කට්රොල්', 'රැජින'.. වැනි නවකතා ප්‍රකාශයට පත් කරමින් පාඨකයන්ගේ ආදරය දිනාගත්, මොහාන් රාජ් මඩවල යි මෙවර ‘mirror arts’ කතා බහ සමග එක් වූයේ.


සාහිත්‍ය ක්ෂේත්‍රයේ වගේම මාධ්‍ය ක්ෂේත්‍රයේත් ඔහු නමක් දිනා ගත් චරිතයක්. 

ඉතින්, මෙවර කතා බහ සමග සම්මුඛ වෙමින් මොහාන් රාජ් මඩවල සිය බොහෝ අත්දැකීම් ‘mirror arts’ සමග බෙදා හදා ගත්තා.

toxic book

ඔහු විසින් රචිත අලුත්ම නවකතාව වන ‘Toxic (ගර්භ විස)’ කෘතියත් මේ වෙන කොට වෙළද පොළට නිකුත් කරළා තියෙනවා. ඒ ගැන කතාකරන්නත් මෙවර සංවාදයේ ඉඩක් වෙන් වුණා.

කතා බහ ආරම්භ උනේම ලංකාවේ 1996 න් පස්සේ ඉපදුන Gen Z යනුවෙන් නම් කරන පරම්පරාව හා ‘Toxic ආදර සම්බන්ධතා’ ගැන අපූරු කතාබහක් එක්කයි.

මොහාන් නම් කිවුවේ Gen Z කියලා හඳුන්වන දැන් තරුණ පරපුර අනෙක් පරම්පරා වලට සපේක්ෂව අවංකයි කියලයි. Gen Z එකට කලින් පරම්පරාවල අය සමාජ සම්බන්ධතා වලදී විවිධ සංස්කෘතික හා සමාජ කාරණා නිසා තමන්ගේ අවංක හැගීම් විවෘතව ප්‍රකාශ කරන්න මැළි උනත්, දැන් තරුණ පරපුර වඩාත් අවංකව සහ විවෘතව තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා කියලයි.  

ඒ වගේම මොහාන් සමග කතා බහේදී මග හැර යා නොහැකි මාතෘකාවක් තමයි “ආදරය” 


love genz

ආදරය යනුවෙන් දෙයක් සැබැවින්ම තියෙනවාද නැද්ද කියන එක තමන්ට තාමත් ප්‍රශ්නාර්ථයක් බවත්, අපි  ආදරය යනුවෙන් යමක් ඇති බව ෆැන්ටසිමය සිහිනයක් නිර්මාණය කරගෙන එය සොයා යාම අපේ ජීවිත කාලය පුරාම සිදු කරනවා කියලයි ඔහු කියන්නේ. 

ඉතින්, නවකතාව, ආදරය වගේ අපූර්ව මාතෘකා සමග ගෙවුණ මෙවර කතා බහ තුළ මොහාන් රාජ් මඩවලගේ දිවි ගමනේ සන්ධිස්ථානයන්ද, හැරවුම් ලක්ෂයන් ගැනද ‘mirror arts’ සමග අදහස් බෙදා හදා ගත්තා.

ඔහු සහභාගී වූ මේ රසවත් කතාබහ දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නරඹන්න පුළුවන්.

එහි සම්පූර්ණ වීඩියෝව පහතින් දක්වා තිබෙනවා.

කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්. 

 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්