leader s

ගිමන් හරිමි - විඩා නිවමි
යළි කොයි මොහොතක
මට මං වෙන්න පුළුවන්
තැනක් කොහෙද - කියන්න මට 

නිමෙන්නට පෙර වුවද දිවි පහන
ආදරයේ තෙල්දියෙන් පිරිමදින්නේ කවුද
මේ සදහන් වූයේ මෙවර ‘mirror arts’ කතා බහ සමඟ එක් වූ තුෂාරි මානවඩු විසින් රචිත “සිහින ඇහිඳිමු” කාව්‍ය සංග්‍රහයේ එන පැදි පෙළකි.
 
sihina ahidamu book
තුෂාරි මානවඩු ව කිවිදියක්, ලේඛිකාවක් මෙන්ම ගීත රචිකාවියක් ලෙස ද හඳුන්වාදිය හැකියි.
කැලණිය ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා විෂය ධරාවෙන් සිය ශාස්ත්‍රවේදි උපාධියත්, කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් සම්පූර්ණ කළ තැනත්තියක්.

ඒ වගේම ලංකාවේ ප්‍රකට පොත් ප්‍රකාශන සන්නාමයක් වන “විදර්ශන” ප්‍රකාශන ආයතනයේ හිමිකරු ජනක ඉනිමංකඩගේ ආදරණීය බිරිඳ ද ඇයයි.

ඉතින්, මෙවර ඇයත් සමග ගෙවුණු ‘mirror arts’ කතාබහ විශේෂ උනේ එය සාහිත්‍ය පිළිබඳව මෙන්ම විශේෂයෙන්ම ලාංකීය සමාජයේ කාන්තාව ගැනත් පුළුල්ව අදහස් ඉදිරිපත් වූ කතාබහක් නිසාමයි.

women love
ලංකාවේ බොහෝ කාන්තාවන්ගේ ඉරණම පවුලට කොටුවීමද? සිදුකළ සියළු කැප කිරීම් අවසානයේ ඇයට හිමි වන්නේ මොනවාද?  ඇය ජීවිතය විඳිය යුතු නොවේද? ජීවිතය විදීමේ අයිතිය පිරිමියාට පමණද?
මේ ප්‍රශ්න වලට තුෂාරිගේ පිළිතුරු මේ කතා බහ අසන ඔබට මුනගැසේවි.
 
කතිකාව පුරාම ඇය කාන්තාව ගැන දැක්වූ අදහස් සාම්ප්‍රධායික සමාජ කතිකාව ප්‍රශ්නකිරීමක්. වඩාත් නිදහස් නූතන ගැහැණියක් පිළිබඳව කතිකාවකට ආරම්භයක් බව කිව හැකියි.
ඉතින්, මේ සියලු සංවාදයන් සමග තුෂාරි මානවඩුගේ දිවි ගමනේ අපූර්ව සංධිස්ථානයන් විස්තර වූ මේ රසවත් කතා බහේ සම්පූර්ණ වීඩියෝව දැන් ඔබට ‘mirror arts’ යූ ටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකියි.

මේ, කතාබහ මෙහෙයවූයේ මනෝහාරී හේවාවසම් විසින්.

වීඩියෝව නරඹන්න පහතින්
 
 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්