leader s

''වජ්ජා'වජ්ජ නවකතාවේ කතුවරයා අපූරු ප්‍රයෝගයක් කරයි.

ඔහු, පාත්‍රගත චරිත පමණක් නොව පාඨකයා ද රවටයි. ඒ, ඔහුගේ චරිත ගොඩනැගීමේ විධික්‍රමය යි. ඒ ආඛ්‍යාන රටාව වජ්ජා'වජ්ජවලට පමණක් සීමා වූවක් නොවේ. 'තිත්මල්', 'අක් දහර' යනාදි ජයසිරිගේ අනෙක් නවකතාවල ද දක්නට ලැබෙන්නකි.''

 

b6uජයසිරි අලවත්ත
මෙහෙම කියන්නෙ ප්‍රවීණ මාධ්‍යවේදිනියක, ලේඛිකාවක වන සුමුදු චතුරාණි ජයවර්ධන. ඒ, SwanBooks youtube නාලිකාව ඉදිරිපත් කරන Bulugahayata ශ්‍රව්‍ය වීඩියෝවෙ.

එම වීඩියෝවෙ සුමුදු වජ්ජා'වජ්ජ නවකතාව ගැන තව දුරටත් ඇගේ අදහස් පවසමින් මේ විදියට කියනවා.

තිත් මල්''ඩී.එච්. ලෝරන්ස් කියන්නේ සදාචාරය යනු මානවයාගේ නිදහස සීමා කරන රළු තාප්පයක් බවයි. එය පෙරළා දැමිය යුතු, පුපුරවා දැමිය යුතු දෙයකි. මිනිසාගේ ලිංගිකත්වයට නිදහසේ ගලා යෑමට ඉඩදිය යුතු බව ලෝරන්ස්ගේ අදහසයි. සදාචාර අධ්‍යයනයේ දී ප්‍රතික්ෂේප කරනු ලබන මේ මතවාදය, ජයසිරි ස්වකීය සියලු නවකතාවල දී ගුරුකොට ගන්නට උත්සාහ ගනියි. තිත් මල් ඊට එක් උදාහරණයකි.''

ඇය, ඇගේ අදහස පවසන අතර ම ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු සහ කවියකු වන කේ. කේ. සමන් කුමාර සහ සම්මානනීය කිවිඳියක, ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන අනුරාධා නිල්ණි දෙපළ වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන අදහස් ද එකතු කරනවා.

wajja wajja
ඊට අමතරව කතුවරයාගේ අදහසක් ද එකතු කරගන්න ඇය සමත් වෙනවා.

පහත පළවෙන ශ්‍රව්‍ය වීඩියෝවට සවන් දෙන්න. එතකොට සුමුදු චතුරාණි වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන සම්පූර්ණ අදහස වගේ ම ප්‍රවීණ ලේඛකයකු, විචාරකයකු සහ කවියකු වන කේ. කේ. සමන් කුමාර සහ සම්මානනීය කිවිඳියක, ලේඛිකාවක සහ මාධ්‍යවේදිනියක වන අනුරාධා නිල්ණි දෙපළ වජ්ජා'වජ්ජ නවකතාව ගැන දරන අදහස්වලට ද සවන් දෙන්න පුළුවන්.

(සටහන - බද්ධාංජලී පටිභානි)

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්