leader s

හෙට (02)  ඇත්තටම තියෙන්නේ මෙන්න මේ පොත් දෙක අතර විවාදයක්. නලින් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ නමැති ප්‍රබන්ධය

සහ එරන්ද ගිනිගේ වන මා විසින් රචිත ‘අවතරණය’ නමැති ප්‍රබන්ධය අතර විවාදයක්. නලින් ද සිල්වා අද ජීවතුන් අතර නැහැ… (නැහැමයි කියා ඔහුගේ චින්තනයට අනුව කියන්නත් බැහැ හැබැයි). නලින් ද සිල්වා වෙනුවෙන් වාද කරන්නේ ඔහුගේ චින්තන පර්ෂදයේ ගෝලයෙකු වන නෙම්සිරි ජයතිලක මහතා. සමහරු ඔහුට දොස් කියනවා මේ විවාදයට මා හට අභියෝග කළා ය කියා. ඒ ගැන මා හෙට කථා කරනවා.

නලින් ද සිල්වාගේ ප්‍රලාප ගැන මා කෙටි ලිපි කිහිපයක් ලියා තිබෙනවා. ඒවායේ සබැඳි පහතින් ඇති. නලින් සර්ගේ මරණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා මගෙන් ඇහුවා ‘දැන් ඕවා ලියලා වැඩක් නැහැ නේද? නලින් මිය ගිහිල්ලා…’ කියා. මට තේරුණා ඔහුගේ අදහස. ගෝඨාභයගේ දර්ශනයට පක්ෂව ලියන කෙනෙකු වන මා, ද සිල්වාගේ අදහස් විවේචනය කිරීම එතුමාටත් අනියමින් බලපානවා. එය මාගේ නිදහසට සීමාවක් වුවත්, ගෝඨාභය කෙරෙහි ඇති මහත් ගෞරවය නිසා මා තවත් ඒ ගැන ලියන්න ගියේ නැහැ. එහෙම ඉන්න කොට තමයි නෙම්සිරි මට අභියෝග කළේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කර්ම විපාක වළක්වන්න බැහැ.

නලින් ද සිල්වාගේ දෘෂ්ටිය හරසුන්. සැබැවින් ම ඔහුගේ දෘෂ්ටිවාදය ඔහුගේ ස්වයං ප්‍රකාශනයක් හෝ නොවෙයි. එය හෙට නැවතත් ඔප්පු වෙනවා. නලින්ගේ ගෝලබාලයන් පවා එය දන්නවා. ඒ නිසා ඔවුන් මේ විවාදය මග හරිනවා. ඔවුන්ට ආත්ම ශක්තියක් නැහැ මේකට මුහුණ දෙන්න. දැනටමත් ඔවුන් බොහෝ දෙනා නොදැක්කා සේ ඉන්නේ ඒකයි. ඔවුන්ගේ සුපුරුදු ප්‍රතික්ෂේපයන් පමණක් ඉතිරි වේවි. නමුත් මම නම් කියන්නේ ඔවුන් සියලු දෙනා හෙට පැමිණිය යුතුයි. චින්තන පර්ෂදය මේ අවස්ථාවේ නෙම්සිරි ජයතිලක වෙනුවෙන් පෙනී සිටිය යුතුයි. ප්‍රතිවාදී මා මෙයින් ම නිහඬ කිරීමට සහාය දිය යුතුයි. වැඩේ තියෙන්නේ නලින්ගේ සිංහල බෞද්ධ ගෝලයෝ වැඩි හරිය ලංකාවේ නැති කමේ…

මේක වංගීස - තමළු විවාද වගේ නොවෙයි. මම එන්නේ ඊනියා බටහිර ඉවුරකින් නොවෙයි. මම එන්නේ බෞද්ධ සිංහල ජාත භූමියෙන්. මගේ එක අතක තියෙන්නේ මහාවංශය. අනෙක් අතේ තියෙන්නේ ත්‍රිපිටකය. අපගේ ආර්යයන් වහන්සේලා දිවිහිමියෙන් රැක ගෙන ආ අපේ දායාද. ජයතිලකට නාථ දෙවියන්ගේ පිහිටයි. මට උපුල්වන් දෙවියන්ගේ පිහිටයි. ධර්මය අපට මග වේවා!

eranda. ginige(සටහන |එරන්ද ගිනිගේ)
BSc. Genetics, Microbiology & Biochemistry, Bangalore University.
Master of Project Management, Specialising in Business Administration, University of Southern Queensland.

සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක

උපුටා ගැනීම : ගිනිහුළ
2025 ඔක්තෝබර් 1

මහා පිපිරුම සහ නලින් ද සිල්වාගේ මැවීම: 

බුදුදහම සහ නලින් ද සිල්වාගේ මායාවාදය:

සංසන්දන අගතිය හෙවත් නලින් ද සිල්වාගේ ජාතිකවාදය: 

පරිණාමවාදය සහ නලින් ද සිල්වාගේ බිත්තරය: 

බැසිල් රෝහණ සහ නලින් ද සිල්වාගේ ජාතිකත්ව මීටරය:

බිග්මැච් සහ නලින් ද සිල්වාගේ සංස්කෘතික තිගැස්ම: 

ජම්බුව සහ නලින් ද සිල්වාගේ බම්බුව: 

ලිංග විපර්යාස සහ නලින් ද සිල්වාගේ දේව ගෝත්‍රය: 

ජාතිය සහ නලින් ද සිල්වාගේ ඊනියා ජාන: 

නලින් ද සිල්වාගේ ඉගැන්වීම් බෞද්ධද?: 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්