ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකීය කවි සරණිය ලන්ඩන් කවි 5වන වෙළුම මේ වන විට නිකුත් වී ඇතැයි එහි සංස්කාරක අනුර හෑගොඩ පවසයි.
මතු පළ වන්නේ මෙවර කලාපයේ පළ වූ ඕස්ට්‍රේලියාවේ වෙසෙන කලාකාරිනියක් වූ නාලිනී කොඩිකාර විසින් රචිත කවියකි.
නාලිනී කොඩිකාර ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් ද මේ දිනවල මෙල්බන් නුවර දී ප්‍රදර්ශනය කෙරේ. කවියට සමපාතව දැක්වෙන්නේ ඇය විසින් අඳින ලද ''සසර ගනුදෙනුව නමැති සිතුවම යි.
සසර ගණුදෙනු අනුව
සැම දෙනගෙ පිළිසරණ
ඔවුනොවුන් මත යැපෙන
දුක සැප ද දරාගෙන
ගම් මැද්දෙ පැල්පතේ
ජීවයක් බිහිවුණේ
නාලිනී කොඩිකාර
මෙම වසරේ දෙසැම්බර් කලාපයෙන් ලන්ඩන් කවි අන්තර්ජාල සරණියට වසර පහක් සපිරෙන අතර. 2021 ජනවාරි 01 දා සිට නොකඩවා සෑම මසකම පළමුවනදා ලන්ඩන් කවි සරණිය එළි දැක්වීමට තම කණ්ඩායමට හැකි වූ බව මෙම සඟරාවෙහි සංස්කාරක අනුර හෑගොඩ පවසයි.
ඒමෙන් ම 2026 වසරේ දී ලන්ඩන් කවි සඳැස් සංග්‍රහයක් මුද්‍රණයෙන් නිකුත් කිරීමට බලා පොරොත්තු වන බවත්, එහි පළ කිරීමට බලාපොරොත්තුවන්නේ 2025 වසරේ ලන්ඩන් කවියේ පළ වූ සඳැස් අතරින් තෝරා ගත් කවි පමණක් බව ද සංස්කාරක අනුර හෑගොඩ පවසයි.
සංස්කාරක: අනුර හෑගොඩ
Editor: Anura Hegoda
වෙබ් අඩවි නිර්මාණය: තරිඳු රාජකරුණා
Web Admin: Tharindu Rajakarauna








