තනි වචනෙන් කියනවා නම් ඒක visual poetry එකක්. ලංකාවෙ බොහොමත්ම කාලෙකින් තමයි අපි මෙහෙම සිනමාත්මක අත්දැකීමක් ලබන්නෙ.
මෑතක හැදුනු හැම චිත්‍රපටියක්ම වගේ ගොඩක් දුරට බයිස්කෝප්. ඒක ඍණාත්මක අදහසකින් කියනවා නෙමෙයි. බයිස්කෝප් කලාවෙදි අපි කතාවක් උඩ දුවනවා මිසක් හැගීම් දනවන රූපාවලියක් එක්ක ගනුදෙනු කරනවා අඩුයි. සිනමාවෙ ලේයර්ස් අඩුයි. ඇත්තටම මට බයක් හිතෙමින් තිබුන අපේ ඒ සිනමාත්මක භාෂාවෙ යුගය අවසන්ද කියලත්.
චත්‍ර වීරමන්, කාලිංග දේශප්‍රිය, සමන් ඇල්විටිගල
චත්‍ර ආපහු ඒ මැජික් එක තිරය උඩට ගේනවා. ජගත් මනුවර්ණ, සැන්ඩ්‍රා මැක්, අශාන් ඩයස් ඒ චරිත ඇතුලෙනුත්, කාලිංග දේශප්‍රිය එයාගෙ කැමරා වියමෙනෙනුත්, සමන් ඇල්විටිගල අසිරිමත් සංස්කරණයෙනුත් මවන ඒ මායාව සුවිසල් කරන සංගීතයත්, වර්ණ සහ ශබ්දත් ඒ දැහැන ඇතුලෙ අපිව දිය කරනවා.
සිනමාව බොහෝ විට ජනප්‍රිය ධාරාව එක්ක සමපාත වෙද්දි අපි දේශපාලනය, කතාව, දෙබස්, විහිළු ආදියෙන් තොලකට තෙමාගන්නවා. ඒත් සිනමාව කියන්නෙ අතිරික්තයක්. කතාවට එපිටින්, සිදුවීම්වලට එපිටින් පවතින තවත් යමක් අපිට සිනමාව ඇතුලෙ දනවන්න පුළුවන් නම් මං හිතන්නෙ ඒක තමයි අපි ‘මාස්ටර්පීස්’ කියන කාණ්ඩයෙන් හදුන්වන්නෙ. චත්‍ර ඒ මයිල් කෙලින්වෙන වැඩේ කරලා තිබුන.
චිත්‍රපටිය දෙවෙනිදා ඉඳන් ප්‍රදර්ශනය වෙනවා. මේ කවිය නැවත නැවත බලන්න මම යනවා. ඊට පස්සෙ විස්තර ඇතුව ලියනවා.



(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)
2025 ඔක්තොම්බර 01







