තමන්ගේ ජීවන චාරිකාව AUDIO BOOK ලෙස සයිබර් අවකාශයට මුදා හරින්නට තීරණය කළැයි ලේඛක විෂ්ණු පවසයි.
ඔහු මෙලෙස පවසන්නේ VISHNU VASU AUDIO BOOK නාලිකාව තුළ සිය අදහස් දක්වමිනි.
හෙතෙම සිය ජිවන චාරිකාවේ පළමු අදියර සයිබර් අවකාශයට මුදාහරිමින් මෙලෙස පවසයි.
''මම මගේ පොත් AUDIO BOOK ලෙස කියවන්න ගත්තා. මං මේ කටයුත්තට අත ගැහුවේ ම අපේ රටේ දෘශ්‍යාබාධිත ප්‍රජාව ගැන හිතලා. සාමාන්‍යයෙන් AUDIO BOOK සඳහා භාවිතා කරන්නේ කටහඬ පමණයි. නමුත් මම ඒ රාමුවෙන් පිට පනිනවා. කතාවට අදාළ ලෙස, ගීත, සංගීතය ඛණ්ඩ, ස්වාභාවික ශබ්ද ආදිය ඇතුළත් කරනවා. මගේ රස්තියාදු මතක සංචිතය ඔබට අලුත් අත්දැකීමක් වෙනවා නිසැකයි. මේ පළවෙනි පරිච්ඡේදය. දිවසින් දවස එකින් එක ජනගත කරන්නම්. ඔබට රිසි සේ මේ කතා ප්‍රචලිත කරන්න. කැමති නම් @VVaudiobook චැනල් එක SUBSCRIBE කරන්න.''
මතු පළවන්නේ විෂ්ණු වාසු විසින් සයිබර් අවකාශයට මුදාහරින ලද ''මගේ රස්තියාදු මතක'' සංචිතය පළමු කොටස අන්තර්ගත වීඩියෝව යි.







