"අපේ රටේ කියවීම යනුවෙන් අදහස් කරන්නේ නවකතා කියවීම....
මෙම කියමනේ සත්‍යතාව කෙබදුද ? ලංකාවේ බොහෝ දෙනකු ඉතිහාසය ,මානව විද්‍යාව හෝ වෙනත් පර්යේශනාත්මක ග්‍රන්ථ නොකියවන බව පැහැදිලි සත්‍යයකි. ඔවුන් කියවීම යනුවෙන් අදහස් කරන්නේ කුමක් හෝ නවකතාවක්, පරිවර්තනයක් හෝ කවි පොතක් කියවීමය...මේ ශානරයන් දෙක සැලකීමේදී කෙටි කතා කියවන පිරිස ඉතා අඩු ය. (පදුරකට ගැසූ විට විසිවන කවි පොත් ගැන නොකියා සිටිමි). මා මිලදී ගත් පොත් යනුවෙන්බොහෝ දෙනකු මුහුණු පොතේ ප්‍රදර්ශනය කරන පොත් දුටු විටද කියවීමේ ලාලසාවන් පිළිබද කිසියම් කලකිරුණු හැගීමක් ජනිත වෙයි..
මේ දැක්වෙන චායාරූපයයේ දැක්වෙන්නේ ඇරිසෝනා විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් 1979 වසරේ ප්‍රකාශයට පත් කරන ලද Robe and Plough Monasticism and Economic Interest in Early Mediaval Sri Lanka නමින් පළවූ ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි. එය සමාජ විද්‍යා සංගමය මගින් ප්‍රකාශිත කෘතියකි. කතුවරයා රණවීර ගුණවර්ඩනයි. මෙය එතුමාට ආචාර්ය උපාධිය පිරිනැමුණු පර්යේශන කෘතියයි. එය මධ්‍යයතන යුගයේ මුල් භාගයේ ලංකාවේ විහාරස්ථ ජීවන සම්ප්‍රදාය හා එහි ආර්ථික පාර්ශ්වයන් පිළිබද ළගන්නාසුළු ප්‍රාමාණික විග්‍රහයකි. භික්ෂුත්වය රාජ්‍යත්වය හා බැදුණු ඉතිහාසය මෙයින් ආකර්ෂණීය ලෙස විග්‍රහ කෙරේ (මෙම පොත එක උදාහරණයක් පමණක් බව සලකනු මැනවි )
මෙවැනි කෘති අපේ කියවීමෙන් දැන් ඈත්වී ඇද්ද?
මෙතෙක් පළවූ ලංකාවේ නූතන ඉතිහාසය පිළිබද විශිෂ්ටතම කෘතිය ලෙස සම්භාවනාවට පාත්‍රවන Sri Lanka in the Modern Age - A History " කෘතිය පිළිබද කිසියම් හෝ අවඩානයක් යොමු වී තිබේද? මෙය ඔක්ස්ෆෝර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය මගින් ප්‍රකාශිත පිටු 472 කින් යුත් මාහැඟි කෘතියකි. පෘතුගීසි ආක්‍රමණයේ සිට 2010 දක්වා ලාංකේය ඉතිහාසය පිළිබද ප්‍රාමාණිකය වියමනකි. අඩුම තරමේ මෙහි කතුවරිය නිරා වික්‍රමසිංහ පිළිබදව මෙරට ශාස්ත්‍රාලයීය සමාජයේ හෝ මෙරට ඊනියා මාඩ්‍ය තුළ කිසියම් කතාබහක් ඇතිවී තිබේද?
නිරා වික්‍රමසිංහ
මහාචාර්ය නිරා වික්‍රමසිංහ නෙදර්ලන්තයේ Leiden විශ්වවිද්‍යාලයේ "නූතන දකුණු ආසියානු අධ්‍යනය පිළිබද මහාචාර්යවරිය ලෙස සේවය කරන අතර, ඇය විසින් ලාංකේය නූතන ඉතිහාසය පිළිබද පළ කරන ලද ග්‍රන්ථ හා පර්යේශන නිබන්ධන සමුදාය ලොවේම කතා බහට ලක් වෙමින් පවතී..
Leiden විශ්වවිද්‍යාලය යනු මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්ට " The Ceylon Stupa " නම් පර්යේශන නිබන්ධනය සදහා දර්ශනවාදය පිළිබද ආචාර්ය උපාධිය පිරිණැමූ විශ්වවිද්‍යාලය යි.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය යනුවෙන් හදුන්වන පොත් වෙළෙද සැනකෙළියේ ඇගේ එක් පොතක් හෝ තිබුනාද? නිරා වික්‍රමසිංහ මහාචාර්යවරිය කලකට ඉහත කොළඹ විශ්වවිද්‍යාලයේ සේවය කළාය.
අපේ සමාජය කිසියම් අබිමානයකින් වැළදගන්නා නවකතා කීයක ගැඹුරු කියවීමක් තිබේද? ලියෝ ටොල්ස්ටෝයි ''යුද්ධය හා සාමය'' ලිවීමට වසර දහ අටක් වැය කළේය...දොළොස් වරක් එය සංස්කරණය කළේය...
අපි ගමන් කරන්නේ කියවීමේ බුද්ඩිමය චාරිකාවකද?
අපි දැනුම් ලෝකය තුළ ගමන් කරන්නේ කොහාටද?
| සම්පත් බණ්ඩාර
උපුටා ගැනීම | Amal Angunawala ෆේස්බුක් පිටුවෙන්...








