මං පොත් ප්‍රදර්ශන හා සාහිත්‍යකරුවන් ට එහි වෙළඳ නියෝජිතයින් වීමට සිදුවීම ගැන Face book ලියා ඇති.
එසේ ලීවේ අජිත් තිලකසේනලා, මහගම සේකරලාට, ජී.බී.සේනානායකලාට සහ තවත් එවන් වටිනා මිනිසුන්ට ආදරයෙන්... ඉන්පසු බිහිවූ අපේ පරපුරේ එවන් අය ගේ වටිනාකම් මතුකිරීමට මිස වෙනත් අදහසකින් නොවේ.
එක් විය යුත්තේ අප නොව ඔවුන් ම ය
එවන් වටිනා මිනිසුන් පොත් අලෙවියෙන් බැහැරව book fair කුටියක තම පොත්, ලැබු සම්මාන ප්‍රදර්ශනය කරමින්, අත්සන් යොදමින් කරන වැඩකට වඩා ඔවුන්ගේ නිර්මාණ අභිමානයෙන් අප වෙත පිළිගන්වන හෙට දවසකට අපේ ආදරය මග කියා දේවා...!
ඒ සඳහා එක් විය යුත්තේ අප නොව ඔවුන් ම ය. අවශ්‍ය නම් ඒ සදහා අදහස් බෙදා ගැනීමට අප බොහෝ දෙනෙක් ආදරයෙන් මග බලා සිටින්නෙමු.
නොදියුණු cultural marketing
Book fair වැනි business වැඩ, එවන් වැඩවලට තම සමාජ මාධ්‍ය channel views වැඩි කර ගන්න දඟලන පප්පලා සහ ඔවුන්ගේ දු දරුවන්ගේ ද දඩ බිමක් වීම මෙන්ම ඒවා target කර ලියවෙන ලියවිලි මෙරට සමස්ත සාහිත්‍ය අභිභවා ඉහළ යෑම, කැපී පෙනීම, ජන ගංගා ගැලීම, සාහිත්‍ය සමාජ ගත කිරීම පවුලේ වැඩක් කර ගැනීම යනාදී කාරණා සංස්කෘතික කටයුතු නොව එය අභිභවා ගිය නොදියුණු culturel marketing ය.
මේ කාරණය book fair ලෝලීන් හා ඉන් යැපෙන අය වඩා විචාරාත්මකව හා සමාජ, සංස්කෘතික හා දේශපාලනික අර්ථයකින් කල්පනා කළ යුතු සහ විශ්ලේශනය කළ යුතු දෙයකි. විකල්ප යෝජනා සහ ක්‍රමවේද සොයා යා යුතු තැනකි.
(සටහන | චතුර ජයතිලක)
(උපුටා ගැනීම - Chathura Jayathilleka ෆේස්බුක් පිටුවෙන්...)
(සටහන | චතුර ජයතිලක)
(උපුටා ගැනීම - Chathura Jayathilleka ෆේස්බුක් පිටුවෙන්...)







