leader s

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ සුමුදු චතුරාණි ජයවර්ධන ගේ 'රන්සුනු' ශාස්ත්‍රීය කෘතිය පිළිබඳ සහෘද කතාබහට ය.


ඔක්තෝබර් 11 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්නැයි ඔබට ආරාධනා කරනවා.

මෙම කෘතිය පිළිබඳ ප්‍රධාන අදහස් දැක්වීම සඳහා: මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සේපාලී මායාදුන්නේ, මනෝරම වීරසිංහ සහ ජයසිරි අලවත්ත සම්බන්ධ වීමට නියමිත ය.

 

artistමහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, සේපාලී මායාදුන්නේ, මනෝරම වීරසිංහ සහ ජයසිරි අලවත්ත
මෙවර පැවැත්වෙන්නේ 84වන සාකච්ඡා මණ්ඩපය යි; එය මෙහෙයවනු ලබන්නේ පැතුම් පුංචිහේවා විසිනි.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී 'රන් සුනු' ශාස්ත්‍රීය කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට අවස්ථාව විවිර කර ඇත. 'රන් සුනු' ශාස්ත්‍රීය කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට ඔබේ අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

WhatsApp Image 2025 10 06 at 10.40.36 5d0a15cd
එදිනට විශේෂ වට්ටමක් සහිතව 'රන්සුනු' කෘතිය මිලදී ගැනිමට ද අවස්ථාව සලසා ඇත.

ඔක්තෝබර් 11 වැනි සෙනසුරාදා හමුවෙමු.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්