leader s

2025 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දි තමාට ලැබුණු හොඳ ම කෘතිය පිළිබඳව දිනෙත් මල්ලිකාරච්චි සිය Face book ගිණුමෙහි මෙබඳු සටහනක් තබා තිබිණ.


"මට මේ පොත කියවද්දී ඇඬුණා.

ගම්දෝ නොගම්දෝ කියල කීප පාරක් හිතලා ඔන්න ඔහෙ ගන්නවා කියල ගත්ත මේ පොත තමයි මෙවර ප්‍රදර්ශනයෙන් ගත්ත හොඳම පොත.

මේ තමයි මහනුවර මහාමායා විද්‍යාලයේ ඉතිහාසය අලලා 2003 වර්ෂයේදී ඉන්ද්‍රාණි මීගම මහත්මිය රචනා කළ With a Fistful of Rice : Buddhist Women And the Making of Mahamaya Girls' College කියන ඉංග්‍රීසි පොතේ සිංහල පරිවර්තනය.

පාත්‍ර වර්ගයා

මහාමායා විද්‍යාලය ආරම්භ කරන්නෙ ධර්මපාලතුමා සාමනේර භික්ෂූ මධ්‍යස්ථානයක් සඳහා මිලදී ගෙන තිබුණු ගොඩනැගිල්ලක් සහිත ඉඩමක. ධර්මපාලගේ සිට ඩී.බී ජයතිලක හරහා ආනන්ද කුලරත්න සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර දක්වා සියලු දෙනා මේ කතාවෙ පාත්‍ර වර්ගයා ඇතුළෙ හිටියත් මහාමායාව මේ කිසිදු කෙනෙක් ගෙ සෘජු ගොඩනැංවීමක් නොවෙයි.  

kandy school director

 
මහනුවරට ඉංග්‍රීසි භාෂාවෙන් උගන්වන නූතන පන්නයේ බෞද්ධ බාලිකා පාසලක් අවශ්‍ය බව මුලින් ම කියන්නෙ කටුකැලේ ධම්මයුක්තිකාරාමයේ අත්තදස්සී හාමුදුරුවෝ. රාමාඥ්ඥ නිකායට අයත් උන් වහන්සේ මේ යෝජනාව අරගෙන යන්නෙ එවැන්නක් ආරම්භ කිරීමේ ශක්‍යතාවය තිබෙන, එවකට වෙළඳාම සහ ඉන්පසුව දේශපාලනය සඳහා මහනුවරට සංක්‍රමණය වෙලා හිටපු ධනවත් කරාව වංශිකයකු වන බෙනට් සොයිසා සහ ඔහුගේ බිරිය වෙච්ච සරා සොයිසා වෙත.

කාන්තාවන් සමූහයකගේ වැඩක්
 
kandy school
මේ අරමුණ පෙරදැරිව අත්තදස්සී හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර කුලඟන සමිතිය ආරම්භ වෙනවා. ධෛර්යවන්ත දීර්ඝ ගමනකින් පසුව මේ සමිතිය මහාමායාව බිහි කරනවා. මහාමායාවට තියෙන්නෙ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ වෙනත් ඕනෑම පාසලක තියෙනවා ට වඩා විචිත්‍රවත් කැටයම් සහිත ඉතිහාසයක්.  
මේක සහමුලින්ම මහනුවර ආශ්‍රිතව එවකට වාසය කරපු කාන්තාවන් සමූහයකගේ වැඩක්. ඔවුන් පාංතික වශයෙන් උඩරට රදළ සහ පහතරට නව ධනවත් මට්ටම් වල සිට ඉතා දුගී මට්ටම දක්වා විහිදෙනවා. කුල වශයෙන් උඩරට රදළ ගොවිගම සිට පහතරට කරාව දුරාව සලාගම සහ අනෙකුත් කුල දක්වා විහිදෙනවා. කුලරත්න මහතාගේ ඉංග්‍රීසි ජාතික බිරිඳත්, ලාංකීය බර්ගර් ජාතික කාන්තාවනුත් පරම විඥානාර්ථ සමාගමේ යුරෝපා ජාතික කාන්තාවනුත් මේ අතර ඉන්නවා.

අවඥාසහගත නම

කොළඹ සහ පහතරට ප්‍රදේශවල අරමුදල් සෙවීමට සරා සොයිසා මැතිණිය පෙරමුණ ගන්නා විට මහනුවර ප්‍රභූ පවුල් වල සහයෝගය ගැනීමට චිත්‍රාවෝ කුඩා රත්වත්තේ මැතිණිය පෙරමුණ ගන්නවා. නුවර ස්ථාපිත සමාජ සංස්ථාවේ අනුමැතිය සහ ආශිර්වාදය අවශ්‍ය වන විට රාමඥ්ඥ නිකායික අත්තදස්සී හිමියන් පසුපසට ගොස් ඒ වෙනුවට මල්වත්තේ භික්ෂූන් වහන්සේ පෙරට වඩිනවා. ඔවුන් එකිනෙකාට ඉඩ දෙමින් එකිනෙකා අගය කරගනිමින් ඉදිරියට යනවා. තමන්ගේ උපරිම ශ්‍රමයත් පෞද්ගලික ධනයෙන් සැලකිය යුතු කොටසකුත් මේ වෙනුවෙන් යොදනවා. 
 
Mahamaya
මේ යුගය වෙනවිට මිෂනාරි පාසල් සහ බෞද්ධ පාසල් අතර තිබුණු තරගය විශේෂ අවධානයක් යොමු විය යුතු එකක්. සමහර ප්‍රභූ පවුල්වල දරුවන් පාසලට ආකර්ෂණය කර ගැනීමට මෙකී කාන්තාවන් ඇතැම් විට හඟුරන්කෙත, ගම්පොළ යනාදි ප්‍රදේශවල කඳු පන්ති තරණය කරමින් පා ගමනින් යනවා. මේ කතාවෙ ලස්සනම කෑල්ල තමයි තරගකාරී මිෂනාරී පාසැල්වල උදවිය මහාමායාවට පටබැඳපු අවඥාසහගත නම වෙච්ච "මිටි සහල් ඉස්කෝලෙ" කියන එක.
'මිටි සහල්' මෙහෙයුම

ආහාර වේලක් පිළියෙල කරනකොට "සහල් මිටක්" මුට්ටියකට දමා, හදිසි අවස්ථාවක දී ප්‍රයෝජනයට ගැනීමට ඉතුරු කර ගැනීම පැරණි සිංහල ගෘහනියන්ගෙ සිරිතක්. මහාමායාව තමන්ගෙ අරමුදල් සොයා ගැනීමේ අවසාන තුරුම්පුව විදියට පාවිච්චි කරන්නෙ මෙන්න මේක. 
 
rice pot
මේ ආකාරයට සහල් එකතු කළ හැකි මුට්ටි කුලඟන සමිතිය විසින් තමන්ගෙ ග්‍රාමීය සාමාජිකාවන්ට බෙදා දෙනවා. ඔවුන්ගේ රාජකාරිය තමයි මේ මුට්ටි සහලින් පිරුනාට පසුව ඒවා මුදල් කොට සමිතියට භාර දීම. ඇතැම් කාන්තාවන් මේ මුට්ටි සල්පිල්වල වෙන්දේසි කොට වැඩි මුදලක් සොයනවා. මිෂනාරීන් හිනා වුණාට මෙසේ එකතු කරන ලද මුදල් පසු කලෙක පාසලේ පැවැත්ම වෙනුවෙන් උපස්ථම්භක වෙනවා.
කතුවරිය ගේ සවිඥ්ඥානිකත්වය
 
mahamayawa book
මේ පොත කියවන කොට මෙහි කතුවරිය වන ඉන්ද්‍රාණි මීගම මහත්මිය කෙරේ ආදරයක් ඇති වීම වළක්වන්න බැහැ. මහාමායාව නමැති ව්‍යාපෘතියේ, එසේත් නැත්නම් මහාමායාව ද ඇතුළත් බෞද්ධ පුනර්ජීවන සමස්ත ව්‍යාපෘතියේ සාරය මොකක්ද කියන එක ගැන ඉතාම සවිඥ්ඥානිකවයි ඇය කෘතිය රචනා කරන්නෙ. 
ඇති වී තිබෙන ලෝක තත්ත්වය සහ අභියෝග හමුවේ බෞද්ධයනට නැගී සිටීමට හැකි එකම මග නම් නූතන වටපිටාව ජයග්‍රහණය කිරීමයි. ඒ සඳහා ඉංග්‍රීසි අධ්‍යාපනයත් බටහිර ඥාණයත් අවශ්‍ය ය. එපමණක් නොව බුදු දහමත් සිංහලයත් අවශ්‍ය ය. මහමායාව යනු ඒ හිසින් යුතුව බිහිවුණු පාසල් මාලාවක අවසන් සාර්ථක ව්‍යාපෘතිය යි."
මෙම කෘතිය විසිදුනු ප්‍රකාශනයකි
 
visidunu book
අකුරට බුහුමන් කරන්න - නුවණ වඩින දොර හරින්න! - කුමාරතුංග මුනිදාස

නිවැරැදි, ප්‍රාණවත් භාෂාව, ලෝකය පිළිබඳ පැතිරුණු දැනුම, වීර චරිතාදර්ශ, උදාර අභිලාෂ...

ළමා හා යෞවන පාඨකයන්ට...

කුමාරතුංග මුනිදාසයන් ගේ විශිෂ්ට කෘති

දැන් මෙම කෘති: සරසවි, සමුද්‍ර, මින්සර, ලුමිනෙක්ස් ආදී පොත්හල්වලින් ලබාගත හැකි ය.

මේ කියවීමේ මාසයේ (ඔක්තෝබරයේ) දී නුගේගොඩ, අප ගේ කාර්යාලයට පැමිණ 20% වට්ටමක් සමඟින් ම ලබාගත හැකි ය. අවශ්‍යය පොත් කූරියර් මගින් ද ගෙන්නවා ගැනීමේ හැකියාව පවතී.

සී/ස (පෞද්) විසිදුනු ප්‍රකාශකයෝ
54/2, පරණ කැස්බෑව පාර, නුගේගොඩ.
011-2820209 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්